Friday, April 19, 2024
Follow Us
බහු කාර්ය සේවකයින් 31,000ක් අත්‍යවශ්‍ය සේවා ආයතනවලට 

බහු කාර්ය දෙපාර්තමේන්තු සේවකයින් 31,000ක් අත්‍යාවශ්‍ය සේවා රාජ්‍ය ආයතනවලට අනුයුක්ත කිරීමට  අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාමහතා උපදෙස් ලබාදී ඇත.

අග්‍රාමාත්‍යවරයා සහ බහු කාර්ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් නන්ද මල්ලවාරච්චි මහතා,  රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ නිලධාරීන් අතර අමාත්‍යංශයේ පැවති හමුවකදී අග්‍රාමාත්‍යවරයා මෙම  උපදෙස් දී ඇත.  

අඩු ආදායම්ලාභී පවුල්වල අටවන ශ්‍රේණිය සමත් නමුත් සාමන්‍ය පෙළ අසමත් පුද්ගලයින් සඳහා රජ්‍ය සේවයේ රැකියා අවස්ථා ලබා දීමට පසුගිය වකවානුවේ රජය ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණය අනුව බඳවාගත් 31 000 පමණ වන පිරිසට සාධාරණයක් ඉටු කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු කෙරෙයි.

මෙම සාකච්ඡාවේදී අනාවරණය වූයේ වසර දෙකක පමණ කාලයක් තිස්සේ මෙම සේවකයින් පුහුණු වන්නන් ලෙසින් කටයුතු කරන බවයි. මේ සම්බන්ධයෙන් අවධානය යොමුකළ අග්‍රාමාත්‍යවරයා කඩිනමින් මොවුන් වෙනත් රාජ්‍ය ආයතන වලට අනුයුක්ත කිරීම සඳහා වන කටයුතු සිදුකරන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා වෙත උපදෙස් ලබා දී ඇතඇත. එමෙන්ම මොවුන් කඩිනමින් ස්ථීර කිරීම සදහා වන කටයුතු සැලසුම් කරන ලෙසද අමාත්‍යංශ නිලධාරීන් වෙත අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දුන් අතර ඒ සඳහා වන අනුමැතිය ලබා ගැනීමට අදාල කැබිනට් පත්‍රිකාව කඩිනමින් සකස් කරන ලෙසද නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබේ.