Thursday, April 25, 2024
Follow Us
අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් වෙනුවෙන් දිනයක්

අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්හට සහාය දීමේ හා ආරක්ෂා කිරීමේ පනත නීතිගත කරන ලද මාර්තු මස 07 දිනය “අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන්හට සහාය දීමේ හා ආරක්ෂා කිරීමේ දිනය” ලෙස ප්‍රකාශයට පත් කළ  බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

අද (24) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.  

අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ගේ අයිතිවාසිකම් හා හිමිකම් හඳුනාගැනීම හා ප්‍රවර්ධනය කිරීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් ඇති කිරීම පිණිස 2015 අංක 4 දරන අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්හට සහාය දීමේ හා ආරක්ෂා කිරීමේ පනත හඳුන්වා දී ඇත. ඒ අනුව, අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරිය ස්ථාපිත කර තිබේ. 

ශ්‍රී ලංකාව තුළ දිනෙන් දින ඉහළ යන අපරාධ හේතුවෙන් වින්දිතභාවයට පත් වන කාන්තාවන්, ළමුන් ඇතුළු පුද්ගලයින්ගේ සංඛ්‍යාව සැලකිල්ලට ගෙන, අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම පිළිබඳව සමාජය දැනුම්වත් කිරීමේ අරමුණින් මෙන්ම ඒ සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන සහ නිලධාරින් සංවේදීකරණයට ලක් කිරීම අරමුණු කර ගනිමින් අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ට සහාය දීමේ හා ආරක්ෂා කිරීමේ දිනයක් ප්‍රකාශයට පත් කිරීම යෝග්‍ය බවට හඳුනාගෙන ඇත.