Sunday, September 14, 2025
Follow Us
කම්කරු හා විදේශ රැකියා ඇමැති ඩුබායිහි සුරක්ෂා නිවාස බැලීමට යයි

රැකියාවක් සොයා ගැනීමේ අරමුණ ඇති ව ඩුබායි පැමිණීමෙන් පසු විවිධ ප්‍රශ්න සහ ගැටලු හේතුවෙන් අසරණ වී දැනට ඩුබායිහි සුරක්ෂා නිවාසයේ රැඳී සිටින ශ්‍රී ලාංකික පිරිස අතර හමුවක් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ඩුබායිහි දී සිදු කෙරුණි.


ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් නීති විරෝධී ආකාරයෙන් රැකියා සඳහා යොමුකරන්නා වූ පාර්ශ්වයන්ට ඉතා කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා ලෙස නිලධාරීන්ට නියෝග කළ අමාත්‍යවරයා, ක්‍රියාත්මක කළ හැකි තීන්දු හා තීරණ ඒ මොහොත් සිට ම ක්‍රියාවට නැංවීමට ද උපදෙස් ලබා දුන්නේ ය.


වැරදිකරුවන් තහවුරු කර වහා ම දැඩි ව නීතීය ක්‍රියාත්මක කරන ලෙස අදාළ පාර්ශ්වයන් උපදෙස් දුන් අමාත්‍යවරයා, එම පිරිස වෙත දේශීය වශයෙන් ලංකාවේ නීතිය අනුවත්, එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ නීතිය අනුවත් යන දෙයාකාරයට ම කටයුතු කළයුතු බවත් බවත් නියෝග කළේය.

 5 දින නිල සංචාරයක් සඳහා ඩුබායිහි ගොස් සිටින අමාත්‍යවරයා සුරක්ෂා නිවාසය පරීක්ෂා කර එහි රැඳී සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් හා කළ සාකච්ඡාවෙන් අනතරු මෙම නියෝග දුන්නේ ය.