ඊයේ (20) දිනයෙහිදී කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත සම්මත කරගැනීම සඳහා රජය රිෂාඩ් බදූර්දීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසයෙහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ සහාය ලබාගෙන තිබිණි.
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබද විවාදය දෙවන දිනටත් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා. විවාදයෙන් අනතුරුව අද පස්වරුවේ පනත් කෙටුම්පත සම්මත කර ගැනීමටයි ආණ්ඩු පක්ෂය තීරණය කර ඇත්තේ.
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්ත පිළිබද විවාදය පාර්ලිමේන්තුවේදී අද ආරම්භ වනවා. අද සහ හෙට යන දින දෙකේදී එම පනත් කෙටුම්පත විවාදයට ගෙන සරල බහුතරයකින් සම්මත කර ගැනීමටයි ආණ්ඩු පක්ෂය තීරණය කර ඇත්තේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා හදිසියේ විදෙස්ගත වූයේ රටට සෙතක් කිරීමේ වැඩපිළිවෙලක් ද සහිතව බවත් ඒ පිළිබඳව මේ මොහොතේ අනාවරණය නොකරන බවත් රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට සිය පක්‍ෂය ඉදිරිපත් කර ඇත්තේ වරාය නගරයේ අයිතිය සහ පාලනය ශ්‍රී ලංකාවට හිමිවන ආකාරයේ සංශෝධන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා. ආණ්ඩුව එම සංශෝධන පිළිගන්නේ නම් පමණක් එම පනත් කෙටුම්පතට සහායදීමට අවධානය යොමුකළ හැකි බවයි නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියාසිටියේ.
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්තට ආණ්ඩුව ඉදිරිපත් කරන සංශෝධනවලට අනුව සිය පක්ෂයේ ස්ථාවරය තීරණය කරන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා. ඒ සඳහා සිය පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස් වීමට නියමිත බවද පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක වැඩිදුරටත් සඳහන් කළා.
Says SJB not against Port City but against Economic Comm. Bill
Alleges those who sold patriotism to win elections are now selling country’s freedom
Claims Bill violates Constitution
Says responsibility of Parliament to formulate policies in line with national aspirations
Wants more safeguards for Lankans in Bill
එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුව නියෝජනය නොකළත් මේ රටේ පාර්ලිමේන්තුව සහ ජනතාව වෙනුවෙන් අප යුතුකම ඉටු කරන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති,හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන, පවසනවා.
කොළඹ වරාය නගර ආර්ථික කොමිශන් සභා පනත් කෙටුම්තේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා. ඒ, අනුව එම ඇතැම් වගන්ති සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක් සහ තවත් වගන්ති කිහිපයක් සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයට අමතරව ජනමත විචාරණයකදී ද අනුමත විය යුතු බවයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත්තේ.
UNP will appoint Ranil Wickremesinghe as it's solitary national list MP by mid June this year, it's Chairman Vajira Abeywardene said.
Former Western Province Governor Azath Salley who is under CID detention, admitted to the National Hospital in Colombo yesterday.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත සිටින මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සහ රක්ෂිත බන්ධනාගාරගතව සිටින මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තුවට රැගෙන විත් තිබෙන බව වාර්තා වී ඇත.
Samagi Jana Balawegaya (SJB) MP Mujibur Rahman has tested positive for COVID-19, sources said. He is currently being treated in a private hospital in Colombo.
Former Western Province Governor Azath Salley who is under CID detention, admitted to the National Hospital in Colombo yesterday.
කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කතානායක මහින්ද යපා අබේවර්ධන මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව එම පනත් කෙටුම්පත හෙට සහ අනිද්දා යන දෙදින තුළ විවාදයට ගැනීමටයි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර ඇත්තේ.
කොවිඩ් මර්දනය සඳහා අවශ්‍ය උපකරණ මිලදී ගැනීමට ආධාර කරන්නැයි කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඉල්ලා සිටියේ ඇය මේ දිනවල මානසික ආතතියකින් පෙළෙන නිසා බවත් රජයට එවැනි මුදල් හිඟයක් කිසිසේත්ම නැතැයි තමන් වගකීමෙන් ප්‍රකාශ කරන බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලිකත්වයෙන් ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක්ම පසුගිය සති කිහිපය තුළ පැවැත්වී ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
A special Cabinet meeting has been convened today (18) at 6.00 p.m., Minister Keheliya Rambukwella said.
Page 284 of 552