කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් අඩපන වී ඇති රටේ ආර්ථිකය යථා තත්වයට පත් කිරීම මෙවර අයවැයේ ප්‍රධාන ඉලක්කය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. එවැනි අභියෝගාත්මක වකවානුවක ඉතා සුවිශේෂී අයවැයක් ඉදිරිපත් කළ මුදල් ඇමතිවරයාට සුබ පතන බවයි අගමැතිවරයා අයවැය දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් සඳහන් කළේ.
මෙවර අය-වැය මගින් ඉදිරිපත් කර ඇති ප්‍රගතිශීලී යෝජනා තුළින් ඉදිරි වර්ෂය තුළ හා ඉන් ඔබ්බට ආර්ථිකය ශක්තිමත් ලෙස යථා තත්ත්වයට පත්වනු ඇතැයි ද අග්‍රාමාත්‍යවරයා සිය කතාවේදී විශ්වාසය පළ කළේය.
අගමැතිවරයා සිදුකළ සම්පූර්ණ කතාව
ඉතාමත් සුවිශේෂීව සැලසුම් කරන ලද 2022 වර්ෂය සඳහා වන අයවැය වාර්තාව ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ගරු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමාට සුභ පතමින් මගේ කථාව ආරම්භ කිරීමට කැමතියි.
බහුවිධ අංශයන්ගෙන් පැන නැගුණු අභියෝග මධ්‍යයේ තීරණාත්මක සංධිස්ථානයක සිට මෙම අයවැය ඉදිරිපත් කළ බව කියන්න ඕනෙ. මේ මගින් ප්‍රධාන වශයෙන් කොවිඩ්-19 හේතුවෙන් ඇති වූ බලපෑම්වලින් ආර්ථිකය යථා තත්ත්වයට පත්කර ගැනීම ඉලක්ක කර තිබෙනවා.
කොවිඩ්-19 වසංගතය මගින් ජන ජීවිතයට දරුණු දුෂ්කරතා ඇති කරමින් සමස්ත ලෝකයටම බලපෑම් ඇති වුණා. ශ්‍රී ලංකාවටත් එම බලපෑම්වලින් මිදීමට හැකිවූයේ නැහැ.
ඒ වගේම අප රජය කොවිඩ් වසංගතයෙන් ජනතාව බේරා ගැනීමට විවිධ ක්‍රියාමාර්ග ගත්තා.
අප ගත් ක්‍රියාමාර්ග නිසාම ආර්ථිකය හැකි ඉක්මනින්ම සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට හැකිවන බව අපගේ විශ්වාසයයි.
ගරු කතානායකතුමනි,
සීමිත රාජ්‍ය මූල්‍ය අවකාශය තුළ වුවද, ‘සෞභාග්‍යයේ දැක්මේ’ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ද රජය අඛණ්ඩව කටයුතු කළා.
අපි මේ වන විට රැකියා විරහිත උපාධිධාරීන් හැට දහසකට (60,000) පමණ රැකියා ලබා දී තිබෙනවා. දරිද්‍රතාවය අවම කිරීමේ අරමුණින් අඩු ආදායම්ලාභී පවුල්වල නුපුහුණු පුද්ගලයින් ලක්ෂයකට (100,000) රාජ්‍ය අංශයේ රැකියා අවස්ථා ලබා දී තිබෙනවා.
රාජ්‍ය අංශයේ මෙම නව බඳවාගැනීම් සඳහා වැටුප් ගෙවීමට මසකට රුපියල් බිලියන 3.5ක් පමණ රජය වැය කරනවා.
අභියෝග මධ්‍යයේ වුවද රජය රටේ ආර්ථික හා සමාජීය යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා ආයෝජනය කිරීම ද අඛණ්ඩව සිදු කරමින් සිටිනවා. ජල සම්පාදනය, බලශක්තිය, ප්‍රවාහනය, නාගරික සංවර්ධනය, සෞඛ්‍ය, අධ්‍යාපනය සහ දරිද්‍රතාවය පිටුදැකීම සඳහා සිදු කර ඇති අඛණ්ඩ ආයෝජනයන් කොවිඩ්-19 වසංගතය හමුවේ ආර්ථිකයේ ක්‍රියාකාරිත්වය සහ අභියෝගවලට මුහුණ දීමේ හැකියාව සනාථ කර තිබෙනවා.
සැලසුම් කළ පරිදි සිය උද්ඝෝෂණය අද දිනයේ කොළඹදී පවත්වන බව සමගි ජනබලවේගය පවසනවා. එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පැවසුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව උද්ඝෝෂණය සිදුකරන බවයි.
ආණ්ඩුව කොවිඩ් වසංගතයට මුවාවෙමින් විරෝධතා මර්දනය කිරීමට නොයෙකුත් උත්සාහ ගත්තත් නොවැම්බර් 16 වෙනිදාට නියමිත කොළඹ වැටළීමේ විරෝධතා ව්‍යාපාරය අනිවාර්යයෙන්ම පවත්වන බව සමගි ජන බලවේගය අවධාරණය කරයි.
කොතරම් අපහසු තත්ත්වයක් යටතේ වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමට ආණ්ඩුවට ඉඩ නොදෙන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
අර්බුද රැසක් හමුවේ ආණ්ඩුව ඉදිරිපත් කර ඇති අයවැය තුළින් පෙනී යන්නේ ආණ්ඩුව ජනතා ප්‍රශ්න කිසිවක් හඳුනාගෙන නොමැති බව යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.
මෙවර අයවැයෙන් බදු ආදායම වැඩි කර ගන්නා ආකාරය පිළිබද රට හමුවට ඉදිරිපත් කර ඇත්තේ කොටසක් පමණක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
Condemning the remarks made by Finance Minister Basil Rajapaksa that public service is a burden to the nation, Leader of Opposition Sajith Premadasa today alleged that the government is preparing to dissolve the public service in Sri Lanka, either directly or by indirect means.
Sri Lanka is not likely to experience a V shape economic recovery given the global issues and local issues which Sri Lanka has created by its own self, UNP MP Ranil Wickremesinghe told Parliament today.
සමගි ජන බලවේගය විසින් නොවැම්බර් 16 වනදා පැවැත්වීමට නියමිත විරෝධතා ව්‍යාපාරය වැනි අයුතු ජන රාශීන්ට තමන් කිසිසේත්ම ඉඩනොදෙන බව පොලිසිය භාර අමාත්‍ය, අද්මිරාල් සරත් වීරසේකර මහතා අවධාරණය කරයි.
United National Party Leader Ranil Wickremesinghe told Parliament yesterday that the framework agreement between the Government and the New Fortress Energy (NFE) Sri Lanka LLC had been entered into in violation of the powers, privileges and immunity of Parliament and called on the Government to make a full disclosure to the House.
ඡන්ද ක්‍රමය වෙනස් කිරීම පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කාලය මාස දෙකකින් දීර්ඝ කෙරේ.
Opposition Samagi Jana Balawegaya (SJB) Parliamentarian Dr. Harsha de Silva on Saturday warned of dangerous consequences of the CBSL’s move to securitise workers’ remittances, stating it must be opposed.
The Lanka Sama Samaja Party (LSSP) led by Prof. Tissa Vitarana, has decided to quit the government, reports say.
මතභේදයට තුඩුදුන් “පර්පර්චුවල් ටෙෂරීස්” සමාගම සතුව පැවතියේ කලු සල්ලි බව විපක්ෂය පිලිගත් බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
Anuradhapura District Sri Lanka Freedom Party (SLFP) branch passed a resolution that the SLFP should contest the next elections as a single party regardless of victory or defeat.
Samagi Jana Balawegaya (SJB) is to go ahead with its planned mass protest on Tuesday November 16 despite the ban on mass gathering, party seniors said.
Page 230 of 553