Sunday, February 08, 2026
Follow Us
අයවැයට ශ්‍රීලනිපය එරෙහි වෙයිද? තීන්දුව ලබන සතියේ

අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට සහය දෙනවාද? නැද්ද? යන්න මෙතෙක් තීරණය කර නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේ්‍යෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසනවා.

ලබන සතියේ පැවැත්වෙන පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී ඒ, සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි ඔහු නෙත් නිවුස් වෙත කියා සිටියේ. මේ අතර තීරණාත්මක මොහොතේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිසි තීරණවලට එලෙඹෙන බවයි මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.

(Neth)