පාස්කු ප්‍රහාරයට අදාල සියලු දෙනාම නීතිය හමුවට ගෙනගොස් නිසි දඬුවම් ලබාදෙන බවට පොරොන්දු වෙමින් බලයට පත් වත්මන් ආණ්ඩුව දිගින් දිගටම පාස්කු ප්‍රහාරයට අදාල විමර්ශන නිසි පරිදි සිදු නොකිරීම හරහා පාස්කු ප්‍රහාරයේ ඇත්ත තොරතුරු සදාකල්ම වල දැමීමට උත්සාහ කරන්නේද යන සැකය මතුවන බව සමගි ජන බලවේගය පවසනවා.
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහට බැන මරණීය තර්ජනය කිරිම සම්බන්දයෙන් පුද්ගලයකු ඊයේ (20) අත්අඩංගුවට ගත්බැව ඌරගස්මංහන්දිය පොලිසිය පවසනවා.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන , යාපනය දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේශ්වරන් මහත්මියගේ නිවසට ගොස් සුහද සාකච්ජාවක් ඊයේ (21) පවත්වා තිබෙනවා.
ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වය වන පොදුජන පෙරමුණෙන් ශ්‍රීලනිපයට කෙතරම් කෙනෙහිලිකම් සිදු වුවද ආණ්ඩුවෙන් එළියට යාමට ශ්‍රීලනිය සූදානම් නොමැති බව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ට උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා. මුහුණ සමග තරහ වී නහය කපා ගැනීමට නොහැකි බවත්, ආණ්ඩුවේ සම්පූර්ණ කාලසීමාව අවසන් වනතෙක් ආණ්ඩුව තුළ සිටීමට සිදුවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.
මැතිවරණ කොමිෂන් සභාව සහ පිළිගත් දේශපාලන පක්ෂවල ලේකම්වරුන් අතර සාකච්ඡාවක් ලබන 23 වන බදාදා මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. 2022 ඡන්ද හිමි නාමලේඛණය ප්‍රතිශෝධනය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට ගැනෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.
සුනිල් හඳුන්නෙත්ති කියන දේශපාලනඥයා හැටියට මම ඉන්නෙ මොන “ටීම්” එකේද කියන එක අද වෙන කොට හුඟක් දෙනෙක් ඉන්නවා.නමුත් මම අපේ රටේ හුඟ දෙනෙක් නොදන්න සමහර විට අහලාවත් නැති තව ටීම් එකකත් ඉන්නවා.ඒ තමයි අයති. අයති කියන්නේ ළමා සංවර්ධන ජාතික මධ්‍යස්ථානයක්.
State Minister Nimal Lanza, who was staying away from duties of his ministry, is to make a statement in parliament tomorrow.
ඉක්මනින් ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගරසභා යන පළාත් පාලන ආයතන සඳහා මැතිවරණය පැවැත්වීමට රජය බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තුවේ සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
Speaker Mahinda Yapa Abeywardena has endorsed five Bills, which were taken into debate recently,the Communications Department of Parliament said.
ඉන්ධන අර්බුදය හරහා මතු වූ විදුලි අර්බුදය හේතුවෙන් මේ වනවිට රටේ ජනතාව බරපතල පීඩනයකට ලක්ව සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා. ඉන් නොනැවතී ඉන්ධන අර්බුදය හේතුවෙන් මෙරට බැංකු පද්ධතියේ ස්ථායීතාවයටද බලපෑම් එල්ල වී ඇති බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා පවසන්නේ ඒ හරහා බැංකු පද්ධතියද අර්බුදයට යාමේ අවදානමක් මතුව ඇති බවයි.
භාණ්ඩ මිල ඉහළයෑම වැළැක්වීමට පාලන මිල පැනවීම විසඳුමක් නොවන බවත් ප්‍රශ්නය වී ඇත්තේ ආණ්ඩුවට ප්‍රතිපත්තියක් නොමැති වීම බවත් ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.
ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක මහතා අමාත්‍යංශ ලේකම් තනතුරින් ඉවත් කර ඒ වෙනුවට වෙනත් පුද්ගලයෙකු පත් කිරීමට නියමිත බව වාර්තා වේ. ලේකම් ධුරයෙන් ඉවත් කරන රංජිත් දිසානායක මහතා වෙනත් රාජ්‍ය අමාත්‍යංශයක ලේකම් ධුරයට හෝ ප්‍රබල රාජ්‍ය ආයතනයක සභාපති තනතුරට හෝ පත් කිරීමට නියමිත බවද වාර්තා වේ.
අද පවතින ප්‍රශ්න කිසිවක් තමන්ගේ පාලන කාලය තුළ නොතිබුණ අතර ජනතාව සතුටින් ජීවත් වූ බව හිටපු ජනාධිපති වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය.
ජනතාව බලාපොරොත්තුවූ අරමුණු ඉටුකිරීමට ආණ්ඩුවට තවත් කෙටි කාලයක් අවශ්‍ය බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත පවසනවා. මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
රටේ කිසිදු ඉන්ධන හිගයක් නොමැති බවත්, කෙසේ නමුත් විපක්ෂය විසින් විටින් විට ඉන්ධන හිගයක් තිබෙන බවට අසත්‍ය පුවත් සමාජගත කරමින් ජනතාවට කලබලයට පත් කරන බවත් වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. අවස්ථා ගණනාවකදී ඉන්ධන හිගයක් සම්බන්ධයෙන් විපක්ෂය බොරු ප්‍රචාර ගෙනගිය නමුත් කිසිදු අවස්ථාවක හිගයක් ඇති නොවන පරිදි ඉන්ධන ලබාදීමට ආණ්ඩුව සමත් වූ බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.
Page 196 of 553