ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ වනජීවී රැකවරණ, අලිවැට හා අගල් ඉදිකිරීමේ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා අතර බරපතළ මට්ටමේ ගැටුමක් ඇතිවී ඇති බව වාර්තා වේ.
ආණ්ඩුව තුළ මේ වනවිට අර්බුදකාරී තත්වයක පසුවන නිමල් ලන්සා රාජ්‍ය අමාත්‍යවරයා ඊයේ (17) දිනයේදී මේ සම්බන්ධයෙන් පළමු වරට මාධ්‍ය වෙත අදහස් දක්වා තිබිණි.
An Extraordinary gazette has been issued by the Election Commission removing two symbols from the list of symbols allotted to political parties.
පාස්කු ප්‍රහාරයෙන් මියගිය අයගේ ඥාතීන් සහ තුවාල ලැබූවන් තමන්ගෙන් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා ගොනුකර ඇති නඩු නිෂ්ප්‍රභ කොට තමන්ව සියලු චෝදනා වලින් මුදාහරින ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම සලකා බැලීමට දින නියම කෙරුණා. ඒ අනුව පෙත්සම මාර්තු මස 9 වන දා කැදවීමටයි කොළඹ සිවිල් අභියාචනා මහාධිකරණය අද නියෝග කළේ.
පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුමය යන්න තම ස්ථාවරය බව කොළඹ අගරදගුරු පදවියේ ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිශාන්ත පියතුමා අවධාරණය කරයි.
ණයට ඩීසල් ඉන්ධන නැවක් පසුගියදා ලංකාවට පැමිණි බවත් ඇමතිවරුන් ගොස් උත්සවයකුත් පවත්වා මේ ණයට ලැබුණු ඩීසල් ඉන්ධන නැව උත්සවාකාරයෙන් පිළිගත් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක දේශපාලන පිළිගැනීම් පිළිබද සොයා බලන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර තිබෙනවා.
ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත්වීමට නිමල් ලන්සා සූදානමින් පසුවන බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් ඊෙය් පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අදහස් පළ කළා.
ආණ්ඩුවේ ප්‍රබල රාජ්‍ය අමාත්‍යවරයෙකු සිය අමාත්‍යංශයේ කාර්යාලයේ බඩු බාහිරාදිය ඉවත් කරගෙන ඇති බව මාධ්‍ය වාර්තා කරනවා. අදාල රාජ්‍ය අමාත්‍යවරයා සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ටද පවසා තිබෙන්නේ ඔවුන්ගේ බඩු බාහිරාදිය අමාත්‍යංශයෙන් ඉවත් කර ගන්නා ලෙසයි. රජයට අයත් භාණ්ඩ සියල්ලම නැවත බාරදෙන ලෙසද ඔහු පවසා තිබෙනවා.
සිරගත කොට ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනප්‍රිය නළු රංජන් රාමනායක වැලිකඩ බන්ධනාගාරය තුළ සුවසේ අධ්‍යාපන කටයුතු වල නියැලී සිටින බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය ප්‍රකාශ කර සිටියා.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය ලබන සතියේදී රැස් වී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂ තීන්දු තීරණ කිහිපයක් ගැනීමට නියමිත බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ජනතාව දුක් විඳිද්දී ජනාධිපතිවරයා, අගමැතිවරයා හෝ මැති ඇමතිවරුන් සැප නොවිඳි බවත් වත්මන් ආණ්ඩුව මේ ගමන පැමිණියේ ඒ සියලු දෙනාමත් කැපකිරීම් කරමින් බවත් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
Page 197 of 553