Wednesday, April 08, 2026
Follow Us
මන්ත්‍රීවරුන්ට යළිත් ඩියුටි ෆ්‍රී වාහන බලපත්‍ර

පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් සඳහා නැවත වාහන බලපත්‍ර ලබාදීමට නියමිත බව වාර්තා වේ. ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම සහ ආණ්ඩුවේ ප්‍රබලයෙකු සමග පැවති සාකච්ඡාවකදී මෙම පොරොන්දුව ලබා දී තිබේ.

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් සහ රට මුහුණ දී සිටින විදේශ විනිමය අර්බුදය හේතුවෙන් මන්ත්‍රීවරුන්ට හිමි වාහන බලපත්‍රය අත්හිටුවීමට පියවර ගෙන තිබිණි.

කෙසේ නමුත් ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම අවස්ථා කිහිපයකදී ඉල්ලා තිබුණේ වාහන බලපත්‍රය යළි ලබාදෙන ලෙසයි.

(LNW)