Thursday, February 05, 2026
Follow Us
විමල් සහ ගම්මන්පිල පාර්ලිමේන්තුවේ පසුපෙළට

ජනාධිපතිවරයා විසින් ඉකුත්දා අමාත්‍ය ධුරවලින් ඉවත් කරන ලද විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල හිටපු අමාත්‍යවරු දෙදෙනාගේ පාර්ලිමේන්තු අසුන් වෙනස් කර තිබෙනවා.

පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පැවසුවේ පළමු පෙළ අසුන් ගෙන සිටි හිටපු අමාත්‍ය විමල් වීරවංශට පාර්ලිමේන්තුවේ සිව්වැනි පෙළේ හැත්ත තුන්වෙනි අසුන වෙන්කර ඇති බවයි. පාර්ලිමේන්තුවේ දෙවන පෙළ නියෝජනය කළ උදය ගම්මන්පිල මන්ත්‍රීවරයාට හතරවන පෙළේ 78 වන අසුන වෙන් කර තිබෙනවා.

කෙසේවෙතත් කැබිනට් අමාත්‍යධූරයක් හිමවූ කර්මාන්ත අමාත්‍ය එස් බී දිසානායකට පාර්ලිමේන්තුවේ පළමු පෙළේ දෙවන අසුන හිමි වී ඇති බවයි පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පැවසුවේ. එමෙන්ම පාර්ලිමේන්තුවේ තුන්වන පෙළ නියෝජනය කළ අමාත්‍ය දිලුම් අමුණුගම දෙවන පෙළටත්, රාජ්‍ය අමාත්‍යය අරුන්දික ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේ දෙවන පෙළටත් පැමිණෙනු ඇති.

පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පැවසුවේ මෙසේ ආසන වෙන් කර තිබුණද ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සහ කථානායකවරයාගේ අභිමතය පරිදි එය වෙන් කළ හැකි බවයි.

(Neth)