Tuesday, April 07, 2026
Follow Us
ශාන්ත බණ්ඩාරට පක්ෂයේ සියලුම තනතුරු අහිමිවෙයි

නිදහස් පක්ෂයේ තීරණය


ශාන්ත බණ්ඩාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම තනතුරු වලින් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

ඒ ශාන්ත බණ්ඩාර රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දීම හේතුවෙනි.

ශාන්ත බණ්ඩාර කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ළුණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඊයේ (11) ජනාධිපතිවරයා ඉදිරියේදී දිවුරුම් දුන්නේය.

(Aruna)