Friday, July 10, 2026
Follow Us
විපක්ෂයේ මන්ත්‍රීවරු කණ්ඩායමකින්, අගමැතිට ලිපියක්

දැනට ඉදිරිපත්ව ඇති "ශ්‍රී ලංකා මහ බැංකුව කෙටුම්පත" වෙනුවට, ශ්‍රේෂ්ඨාධිකරණයට ලබාදුන් ප්‍රතිඥාවන්ට අනුකූලව, නව කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා, විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා වෙත පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අද (09) ලිපියක් භාර දුන්හ.


අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, ගෙවිඳු කුමාරතුංග, ජයන්ත සමරවීර, මොහොමඩ් මුසම්මිල්, වීරසුමන වීරසිංහ, අසංක නවරත්න යන මන්ත්‍රීවරු මෙම ලිපියට අත්සන් තබා තිබිණි.