Friday, March 27, 2026
Follow Us
භූ විද්‍යා හා පතල් කාර්යංශයෙන් වාර්තාවක් ඉල්ලයි

කැණීම් සිදුකිරීම සඳහා අවසර ලබාදුන් ප්‍රදේශවල භූමිය කැණීම්වලින් පසුව නැවත සකස් කිරීමේ කාර්ය නියමිත පරිදි සිදුවී නොමැති බව කෝප් කමිටුවේදී අනාවරණ වී තිබේ.

 ඒ, භූ විද්‍යා හා පතල් කාර්යංශය ඊයේ (12) කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදීය.

කෙසේවෙතත් භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ නිලධාරීන් නියමිත තොරතුරු ලබානොදීම හේතුවෙන් කෝප් කමිටුව අතරමඟදී නවතා දැමීමට එහි සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර කටයුතු කළේය.