සජිත් ප්‍රේමදාස මහතාගේ ගමන අඩාළ කරමින් රටේ නායකයා වීම වැළැක්වීමටත් නොයෙක් අයගේ අවශ්‍යතා ඉෂ්ට කිරීමටත් වැඩියෙන්ම කට අරින්නේ අනුර කුමාර දිසානායක මහතා බවත් අනුර කුමාර දිසානායක යනු කයියකු මිස වැඩ්ඩකු නොවන්නේ යැයි සමඟි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පෙන්වා දෙයි.
බස් පර්යන්තයක් ඉදිකිරීම සදහා බත්තරමුල්ල නගරයෙන් ඉඩමක් වෙන් කිරීමේ කටයුතු අවසන් කිරීමට නාගරික සංවර්ධන අධිකාරියේ ඉහළ නිලධාරීන්ට බලශක්තිය සහ ප්රංවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් නැවත කැඳවීමක් - වගකීම නිසිපරිදි ඉටු නොකිරීම පිළිබඳව කමිටුවේ දැඩි අප්‍රසාදය
ප්‍රමිතියෙන් බාල වල් නාශක හා කෘමි නාශක වර්ග වැටලීමේ ක්‍රියාවලිය දැඩි කර තිබෙන බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ ය.
නිවැරදි සත්‍ය තොරතුරු බය නැතිව ජනතාවට ඉදිරිපත් කරන මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී අද (1) පැවසීය.
සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රම සඳහා ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ දී නිසි ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුයි
ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ දී අවධාරණය කෙරේ
වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය කාන්තාවගේ සිද්ධිය පිළිබඳ, නීතියට පිටින් කිසිවක් සිදුකිරීමට ඉඩකඩක් නොලැබෙන බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
අද (25) පාර්ලිමේන්තුව පෙ.ව. 09.30 ට රැස්වන අතර, පෙ.ව. 09.30 සිට ප.ව. 12.30 දක්වා මවිශ්‍රාම යන පාර්ලිමේන්තුවේ මහලේකම් ඩබ්ලිව්.බී.ඩී. දසනායක මහතාගේ සේවය ඇගයීමේ යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතයි.
අද (24) පාර්ලිමේන්තුව පෙ.ව. 09.30 ට රැස්වන අතර, පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 දක්වා මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර ඇත.
බදු ක්‍රමවේදය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා වසර ගණනාවක සිට ඇඳී ඇඳී පවතින රැමිස් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම තුළින් විද්‍යුත් ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රක්ෂණය වැඩි කර නොමැති බවත් එය අසත්‍ය බවත් නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
අරාජික ශ්‍රි ලංකාවක් ගොඩනැගීමට ඉඩ නොතබන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
කොළඹ මහා නගර සභාවේ හිටපු පුරපතිනි රෝසි සේනානායක මහත්මිය පළාත් පාලන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ධුරයට පත් කර තිබෙන බව වාර්තා වෙයි.
පාර්ලිමේන්තුවේ නව කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් ධුරයට සහකාර මහ ලේකම් ලෙස කටයුතු කළ ටිකිරි කේ. ජයතිලක මහතා ඊයේ (23) සිට පත් කළ බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා අද (24) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු ලබන මාසයේදී අවසන් කරන බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත අත්හිටුවූ ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවාගැනීමේ විභාගය නැවත පැවැත්වීමේ අවසරය ලබාගැනීමට නීතිපතිවරයා මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (26) ප්‍රකාශ කළේය.
2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනත අනුව එම කොමිෂන් සභාවේ වත්මන් සභාපතීත්වය සහ සාමාජිකත්වය දරන ජේ. ඩබ්. එම්. ජේ. පී.කේ රත්නායක මහතා එහි සාමාජිකත්වයෙන් ඉවත් කිරීම සදහා වන යෝජනා සම්මතය අද (24) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 46 කින් සම්මත විය.
නව ධුරයේ රාජකාරී ආරම්භ කිරීම සදහා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමිණි රෝහණදීර මහත්මිය, සහකාර මහලේකම්වරුන් වන ටිකිරි කේ ජයතිලක සහ හංස අබේරත්න යන මහත්වරුන් විසින් පිළිගන්නා ලදී.
Page 65 of 554