Friday, July 10, 2026
Follow Us
Political

විවිධ නීතිමය කරුණු හේතුවෙන් රේගුවේ රඳවා තැබෙන භාණ්ඩ අධිකරණ ක්‍රියාමාර්ග අතරතුර ඇපකර මත මුදා හැරිය හැකි වන පරිදි රේගු පනත සංශෝධනය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Political

නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) ගරු හර්ෂ ද සිල්වා මහතා නම් කිරීමට පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව අද (07) තීරණය කළේය.

Political

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාට විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.

Political

විද්‍යුත් මාධ්‍ය සඳහා විකාශන පනතක් කෙටුම්පත් කිරීමට රාජ්‍ය ප්‍රතිපත්තිමය කරුණු නීර්ණය කිරීම සඳහා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා ගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල අනු කාරක සභාවක් අමාත්‍ය මණ්ඩලය පත් කර තිබේ.

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා, වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නීතිඥ නිමල් සිරපාල ද සිල්වා මහතා, සෞඛ්‍යය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානයක්කාර මහතා යන අමාත්‍යවරු කමිටු සාමාජිකයෝ වෙති.

එම අනු කාරක සභාව විසින් නිරීක්ෂණය කරන ලද ප්‍රතිපත්තිමය කරුණු ඇතුළත් නීතිමය රාමුවක් කෙටුම්පත් කර ඇති අතර එම කෙටුම්පත විද්‍යුත් මාධ්‍ය වෙත ඉදිරිපත් කර ඔවුන්ගේ අදහස් හා යෝජනා සම්බන්ධව සලකා බලා පොදු එකඟතාවයකට පැමිණ අවසාන කෙටුම්පත සකස් කළ යුතු බවට තීරණය විය.
එම අවසාන කෙටුම්පත සකස් කිරීමට අදාළ අදහස් යෝජනා ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන් ගේ සංගමයේ සාමාජිකත්වය දරන සහ නොදරන රූපවාහිනී සහ ගුවන්විදුලි යන සියලුම මාධ්‍ය ආයතනය නියෝජනය වන පරිදි සියළුම විද්‍යුත් නාලිකා සාමාජිකයන් සමග සාකච්ඡාවක් 2023 ජුනි මස 07 වන දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාමර අංක 08හි පවත්වන්නට කටයුතු සංවිධානය කෙරුණි.
එම සාකච්ඡාවේ දී අදාළ විද්‍යුත් මාධ්‍ය ආයතන නියෝජිතයන් ගේ අදහස් හා යෝජනා හුවමාරු කරගන්නා ලදි. එහෙත් එම සාකච්ඡාවේ දී ඔවුන් විසින් ඉල්ලා සිටියේ වැඩිදුර අධ්‍යයනය කිරීම සඳහා අදාළ කෙටුම්පතෙහි සිංහල පිටපතක් ද ලබාදෙන ලෙසයි. එම ඉල්ලීමට අනුව සිංහල පිටපතක් ලබා දීමට, විද්‍යුත් මාධ්‍ය සඳහා විකාශන අධිකාරී පනත්, කෙටුම්පත් කිරීමේ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව එකඟ විය. අනතුරුව විද්‍යුත් මාධ්‍ය ආයතන නියෝජිතයින් පවසන ලද්දේ පනත් කෙටුම්පත පිළිබඳව වැඩිදුර සොයාබලා පුළුල් අධ්‍යයනයක් සිදුකොට, විකාශන අධිකාරී අවසන් කෙටුම්පත සකස් කිරීමට අදහස් හා යෝජනා ලිඛිතව ලබාදීම සඳහා තවත් සීමිත කාලයක් අවශ්‍ය බවයි.

Political

දේශපාලනයට පිවිසෙන සියලු දෙනාට බදු ගොනුවක් විවෘත කිරීම අනිවාර්ය කරන බවත්, පළාත් පාලන මැතිවරණ නාමයෝජනා භාර ගැනීමේ දී එය ආරම්භ කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Political

අද (06) පාර්ලිමේන්තුව පෙ.ව. 09.30 ට රැස්වන අතර, පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 දක්වා මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර ඇත.

Political

සමගි ජන බලවේගය ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉවත් වී ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.

Political

ශ්‍රී ලංකා ගුවන් සේවයේ බත් පැකට් එකේ ඉදල තියෙන්නෙ ගැහිල්ල බව හිටපු ජනාධිපති පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.

Political

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත විකාශන අධිකාරී පනතට එරෙහි වීමට සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂයේ පක්ෂ ඒකමතිකව තීරණය කර තිබේ.

Political

රථගාල් ගාස්තු අයකිරීමට කොන්ත්‍රාත් ලබාගත් පෞද්ගලික ආයතන 38 කින් 2021 දෙසැම්බර් 31 වන විට ලැබිය යුතු හිඟ ගාස්තුව රු. මිලියන 265.50 ක් බව වාර්තා වී තිබේ.

කොළඹ නගරයේ ගිනි නිවන ඒකකය සහ ගුවන් හමුදාව සමඟ ඇති සම්බන්ධීකරණය වැඩි කිරීමට අවධානය විධිමත් පරිදි දැන්වීම් ආදායම ලබානොගැනීම පිළිබඳ අවධානය ඉඩම් ලේඛන විධිමත්ව පවත්වාගෙන නොයාමේ ගැටලු පිළිබඳ අවධානය බස්නාහිර මහා නගරසභා කාර්යාලයේ දුර්වල අධීක්ෂණ ක්‍රියාවලිය පිළිබඳ අවධානය කොළඹ මහා නගර සභාවේ 2022 වර්ෂයේ හිඟ ආදායම රුපියල් මිලියන 6,280.50 ක් බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ දී (කෝපා) අනාවරණය විය.


මේ පිළිබඳ අනාවරණය වූයේ කොළඹ මහා නගර සභාවේ 2020/2021 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂාකිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (06) පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේ දී ය.


මෙහි දී 2021 වර්ෂයේ මුලු හිග ආදායම රු. මිලියන 5,835.6 ක් බවද, 2020 වර්ෂයේ රු. මිලියන 5,386.4 ක් බවද, 2019 වර්ෂයේ 4,481.5 බව ද අනාවරණය විය.
මෙහි දී වරිපනම් බදු, කුලී සහ වෙනත් බදු වශයෙන් මෙම හිඟ මුදල් පවතින බව හදුනා ගැණුනි.


මේ අනුව පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුන්නේ හිග බදු පවතින දේපල අත්පත් කරගැනීමට කටයුතු කරමින් සිටින බවයි.
එසේම ඇතැම් දේපල වල හිමිකරුවන් හඳුනාගැනීම සමිබන්ධයෙන් ගැටලු පවතින බවත්, මහා නගර සභාවේ මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට සිටින නිලධාරීන් හිගවීමත් මෙම හිග මුදල් අයකරගැනීමේදී ගැටලු ලෙස මතුවී ඇති බවයි.
පැමිණ සිටි කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ අනවසර ඉදිකිරීම් සඳහා ද වරිපනම් අංක ලබාදී ඇති බවයි.

Political

පාසල් පද්ධතිය තුළ පෙර පාසලේ සිට ම විනය හැදීමේ පරිවර්තනීය අවශ්‍යතාවක් පවතින අතර අධ්‍යාපන අමාත්‍යාංශය එහි පුරෝගාමී මෙහෙවරක් සිදු කරමින් පූර්වාදර්ශයක් සැපයිය යුතු බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

Political

බදු ලිපිගොනු විවෘත කළ පලියට සියලු දෙනා බදු ගෙවිය යුතු නැතැයි සභානායක අධ්‍යාපන ආචාර්ය  අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා  පැවසීය.

Political

සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

Political

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව අනුව, ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කරන ලද “දූෂණ විරෝධී” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය තමා වෙත ලැබී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (06) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

Political


• සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන්ට මුහුණදීමට සිදුව ඇති ගැටලු පිළිබද සභාව කල්තැබීමේ විවාදය ජූනි 7 වැනිදා
නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 26 වැනිදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී ලබන පාර්ලිමේන්තු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය පැවසුවාය.

Political

නවවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයට අදාළ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවල දෙවන වාර්තාව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාට ඊයේ (06) පිළිගැන්විණි.

Political

ගුවන් යානා කටුනායක ගුවන් තොටුපොළට ගොඩබෑමේ ගාස්තු වසරක් දක්වා සියයට 50 කින් අඩු කිරීමට රජය තීරණය කර ඇතැයි වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.

Political
  • තවමත් ජනතාවගෙන් අතිමහත් බහුතරයකට මැතිවරණ හා දේශපාලනය පිළිබඳ විශ්වාසයක් නැහැ.
  • ජනතාවට අවශ්‍ය ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමයි – ජාතික නීතිඥ සමුළුව අමතමින් ජනපති පවසයි.

පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ එකට එක් වුවත් මේ මොහොතේ ඒ කිසිවකට 50%ක ඡන්ද පදනමක් නොමැති බවත්, එබැවින් සියලුදෙනා එක්විය යුත්තේ මැතිවරණයක් සඳහා නොව ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.