Wednesday, January 28, 2026
Follow Us
අධ්‍යාපන අමාත්‍යාංශය මිලදී ගත් ටැබ්වලට වුණ දේ හෙළි වෙයි

2019 වර්ෂයේදී රුපියල් බිලියන 3.4ක් වැයකොට උසස්පෙළ සිසුන් හා ගුරුවරුන් වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මිලදීගත් ටැබ් පරිගණක හා ආරෝපිත රාක්ක පලදායී ආකාරයෙන් යොදවා නොමැති බව කෝපා කමිටුවේදී අනාවරණය තිබේ.

මේ පිළිබඳ අනාවරණය වූයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ 2019/2020/2021 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂාකිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය (20) දා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.

මෙහිදී අනාවර්ණය වූයේ ඇතැම් ටැබ් පරිගණක වගකීම් කාලය අවසන් වන තුරුද බෙදා දී නොමැති බවයි. එසේම වර්තමානය වන විට බෙදාහරින ලද ටැබ් පරිගණක වලින් වැඩි ප්‍රමාණයක් නිෂ්කාර්යව පවතින බවත් එසේම යම් ප්‍රමාණයක් අස්ථාන ගතව පවතින බවත් මෙහිදී අනාවරණය විය. තවද මෙම ටැබ් පරිගණක සාදාරණ ආකාරයෙන් බෙදාහැර නොමැති බවද මෙහිදී හෙලි විය.

මේ අනුව සැප්තැම්බර් 26 වැනිදාට පෙර මේ පිළිබඳ පූර්ණ විස්තර සහිත වාර්තාවක් කෝපා කමිටුවට ලබාදීමට නිර්දේශ කළේය.