Sunday, May 17, 2026
Follow Us
සෞඛ්‍ය අමාත්‍ය ධූරය ගැන ඉදිරියේ දී තීරණයක්
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අඩුපාඩු පියවා ගැනීම සඳහා තවදුරටත් ප්‍රතිපාදන වෙන් නොකළහොත් අමාත්‍ය ධුරය පිළිබඳ තීරණයක් ගැනීමට සූදානම් බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද (22)  පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
 
වි‍ශේෂයෙන් ඖෂධ මිලදී ගැනීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් නොකළ හොත් තමා අමාත්‍ය ධූරයෙන් ඉවත් වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
 
ගැටලුකාරී නිර්වින්ද ඖෂධයක් හේතුවෙන් දරුවකු මිය ගිය බව කියන සිද්ධිය පිළිබඳව ද පාර්ලිමේන්තුයේදී අදහස් ප්‍රකාශ කෙරුණි
Dinamina