Wednesday, January 28, 2026
Follow Us
වැටෙන රට ගොඩ ගන්න අත නොදීම ජාතික ඛේදවාචකයක්

රටේ බැංකු පද්ධතිය බිඳ වැටීමට ඉඩ නොදී  දේශීය ණය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගන්නා අවස්ථාවේ විරුද්ධ පක්ෂය සහ ඇතැම් කණ්ඩායම් හැසිරුණු ආකාරය පිළිබඳව ජාතියක් ලෙස කණගාටුවට පත් විය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පැවසීය.

මෙලෙස විරුද්ධ වූ අයට යම්කිසි විසැඳුමක් තිබුණා නම් රට කඩාගෙන වැටෙන්න නොදී  ගලවාගන්නට පාර්ලිමේන්තුවේ මූල්‍ය බලය පාවිච්චි කරන්න තිබූ බවද අබෙිවර්ධන මහතා කීය.

පාර්ලිමේන්තුවේ තනි අසුනක් තිබුණු රනිල් වික්‍රමසිංහ කටින් බතල කොළ සිටුවමින් නොසිට වහා ක්‍රියාත්මක වී රට නගාසිට වූ බව කී අබේවර්ධන මහතා පාරේ පෝස්ටර්  ගසා ජනතා ප්‍රශ්න වලට විසැඳුම් සෙවීමට නොහැකි බව සඳහන් කළේය.

රට ගොඩනැගීමට  විකල්ප හෝ විසඳුම් නැති අය දැන්වත් කට වසාගෙන ආණ්ඩුවේ වැඩපිළිවෙලට සහාය දිය යුතු ව තිබෙන බව කී වජිර අබේවර්ධන මහතා මහජනතාව රැවැට්ටවීම  නවතා දැමිය යුතු කාලය දැන් උදා වී තිබෙන බවද සඳහන් කළේය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ  අද පැවති මාධ්‍ය හමුව අමතමින් වජිර අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

Lankadeepa