Thursday, March 26, 2026
Follow Us
Political

නවවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයට අදාළ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවල දෙවන වාර්තාව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාට ඊයේ (06) පිළිගැන්විණි.

Political

ගුවන් යානා කටුනායක ගුවන් තොටුපොළට ගොඩබෑමේ ගාස්තු වසරක් දක්වා සියයට 50 කින් අඩු කිරීමට රජය තීරණය කර ඇතැයි වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.

Political
  • තවමත් ජනතාවගෙන් අතිමහත් බහුතරයකට මැතිවරණ හා දේශපාලනය පිළිබඳ විශ්වාසයක් නැහැ.
  • ජනතාවට අවශ්‍ය ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමයි – ජාතික නීතිඥ සමුළුව අමතමින් ජනපති පවසයි.

පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ එකට එක් වුවත් මේ මොහොතේ ඒ කිසිවකට 50%ක ඡන්ද පදනමක් නොමැති බවත්, එබැවින් සියලුදෙනා එක්විය යුත්තේ මැතිවරණයක් සඳහා නොව ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Political

නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) ගරු හර්ෂ ද සිල්වා මහතා නම් කිරීමට පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව අද (07) තීරණය කළේය.

Political

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාට විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.

Political

සජිත් ප්‍රේමදාස මහතාගේ ගමන අඩාළ කරමින් රටේ නායකයා වීම වැළැක්වීමටත් නොයෙක් අයගේ අවශ්‍යතා ඉෂ්ට කිරීමටත් වැඩියෙන්ම කට අරින්නේ අනුර කුමාර දිසානායක මහතා බවත් අනුර කුමාර දිසානායක යනු කයියකු මිස වැඩ්ඩකු නොවන්නේ යැයි සමඟි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පෙන්වා දෙයි.

Political

දේශපාලනයට පිවිසෙන සියලු දෙනාට බදු ගොනුවක් විවෘත කිරීම අනිවාර්ය කරන බවත්, පළාත් පාලන මැතිවරණ නාමයෝජනා භාර ගැනීමේ දී එය ආරම්භ කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Political

අද (06) පාර්ලිමේන්තුව පෙ.ව. 09.30 ට රැස්වන අතර, පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 දක්වා මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර ඇත.

Political

නිවැරදි සත්‍ය තොරතුරු බය නැතිව ජනතාවට ඉදිරිපත් කරන මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී අද (1) පැවසීය.

Political

ශ්‍රී ලංකා ගුවන් සේවයේ බත් පැකට් එකේ ඉදල තියෙන්නෙ ගැහිල්ල බව හිටපු ජනාධිපති පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.

Political

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත විකාශන අධිකාරී පනතට එරෙහි වීමට සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂයේ පක්ෂ ඒකමතිකව තීරණය කර තිබේ.

Political
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනතාව අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි.
Political

පාසල් පද්ධතිය තුළ පෙර පාසලේ සිට ම විනය හැදීමේ පරිවර්තනීය අවශ්‍යතාවක් පවතින අතර අධ්‍යාපන අමාත්‍යාංශය එහි පුරෝගාමී මෙහෙවරක් සිදු කරමින් පූර්වාදර්ශයක් සැපයිය යුතු බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

Political

බදු ලිපිගොනු විවෘත කළ පලියට සියලු දෙනා බදු ගෙවිය යුතු නැතැයි සභානායක අධ්‍යාපන ආචාර්ය  අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා  පැවසීය.

Political

බදු ක්‍රමවේදය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා වසර ගණනාවක සිට ඇඳී ඇඳී පවතින රැමිස් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම තුළින් විද්‍යුත් ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවා.

Political

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව අනුව, ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කරන ලද “දූෂණ විරෝධී” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය තමා වෙත ලැබී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (06) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

Political


• සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන්ට මුහුණදීමට සිදුව ඇති ගැටලු පිළිබද සභාව කල්තැබීමේ විවාදය ජූනි 7 වැනිදා
නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 26 වැනිදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී ලබන පාර්ලිමේන්තු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය පැවසුවාය.

Political

කොළඹ මහා නගර සභාවේ හිටපු පුරපතිනි රෝසි සේනානායක මහත්මිය පළාත් පාලන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ධුරයට පත් කර තිබෙන බව වාර්තා වෙයි.