ජාතික පද්ධතියට මෙගාවොට් 10ක ධාරිතාවක් එක් කරන මඩකළපුව දිස්ත්රික්කයේ වවුනතිව් ප්රදේශයේ අක්කර 27ක භූමි භාගයක ඉදි කෙරුණු මෙම බලාගාරය precast pile structures හෙවත් පෙරසවි කුළුණු මත ඉදිකිරීම් ක්රමවේදය භාවිත කළ මෙරට පළමු ව්යාපෘතියයි.
එමෙන්ම මෙහි දී දුෂ්කර ප්රදේශයක පාසල් දරුවන් හා තරුණයන් වෙනුවෙන් රූපවාහිනී, සංගීත භාණ්ඩ, හා ක්රීඩා උපකරණ මෙන්ම සූර්යබල විදුලි කණු පරිත්යාග කිරීම ද සිදු විය.
තරුණයින් විසි දෙනෙකුට අදාළ ක්ෂේතුයේ පුහුණුව ලබාදීම ද මීට සමගාමීව සිදු කෙරිණ.