Monday, July 28, 2025
Follow Us
දිවයින පුරා ප්‍රාථමික සෞඛ්‍ය සේවා  නව  මධ්‍යස්ථාන 2000 ක්
සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශය මුළු දිවයිනම ආවරණය වන පරිදි පිහිටුවීමට යෝජිත ප්රාථමික සෞඛ්ය සේවා මධ්යස්ථාන (Primary Care Community Centre) ව්යාපෘතිය පිළිබඳව මහජන සෞඛ්ය හෙද නිලධාරීන් (Public Health Nursing Officers - PHNO) දැනුවත් කිරීමේ වැඩමුළුවක් පසුගියදා (26) සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් ශ්රී ලංකා පදනම ආයතන ශ්රවණාගාරයේ දී පැවැත්විණි

මෙම වැඩසටහන මගින් මෙරට ජනගහනයෙන් ආසන්න වශයෙන් 10,000 ක් ආවරණය වන පරිදි එක් ප්රාථමික සෞඛ්ය සේවා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට අපේක්ෂා කෙරේ. මුල් අදියර යටතේ ඉදිරි වසර 03 තුළ දිවයින පුරා මධ්යස්ථාන 2000 ක් ස්ථාපිත කිරිමට නියමිතය. මෙම වැඩසටහනේ ආරම්භය සනිටුහන් කරමින් මෙම වසරේ ප්රාථමික සෞඛ්ය සේවා මධ්යස්ථාන 100 ක් පිහිටුවීමට සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් පරිදි සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශය සැලසුම් කර ඇති අතර, 08 දෙනෙකුගේ යුත් කාර්ය මණ්ඩලයක් සහිතව මෙම මධ්යස්ථාන ඉදිරියේ දී සේවා ක්රියාත්මක කිරීමට නියමිත ය.

මෙම දැනුවත් කිරීමේ වැඩමුළුවේ දී අදහස් දක්වමින් සෞඛ්ය හා ජනමාධ්ය ආමාත්යවරයා කියා සිටියේ මෙම වැඩසටහන වර්තමානයේ මෙරට සෞඛ්ය සේවාව ඔසවා තැබීමට අත්යාවශ්ය ක්රියාවලියක් බවයි.
 
මේ දක්වා මෙරට වැඩිම අවධානය යොමුව තිබෙනුයේ සුපුරුදු පරිදි ද්විතියික හා තෘතීයික මට්ටමේ රෝහල් සංවර්ධනයට බවත්, ප්රාථමික සෞඛ්ය සංවර්ධනයට වඩා රෝහලකට මහල් කිහිපයක ගොඩනැගිලි ලබාදීම දේශපාලනිකව වැදගත් යුගයක් ව පැවැති බව ද පෙන්වා දුන් අමාත්යවරයා අනාගතයේ දී ඊට එහා ගමනක් යෑම සදහා ඉදිරි වසර 03 තුළ මෙම නව වැඩසටහනට ප්රවිශ්ට විය යුතු බව ද අමාත්යවරයා මෙහිදී අවධාරණය කළේය.
 
මෙම මධ්යස්ථාන තුළ බෝනොවන රෝග ඒ්කක , මුලික ශල්ය වෛද්ය ප්රතිකාර, වැඩිහිටි සත්කාර, පුනරුත්ථාපන සත්කාර, සහන සත්කාර, ප්රාථමික අක්ෂි සත්කාර, මුඛ සත්කාර, මානසික සෞඛ්ය, පෝෂණ සත්කාර, මධ්යසාර පුනරුත්ථාපන සේවා, තරුණ හා නව යොවුන් සත්කාර, තෝරාගත් රසායනාගාර පරීක්ෂණ, ප්රජා බලගැන්වීම ආදී ප්රාථමික සෞඛ්ය සේවා රැසක් ක්රියාත්මක කිරීමට නියමිත ය.