Sunday, January 25, 2026
Follow Us
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සහ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ ඇති වූ පුරප්පාඩුව පුරවයි
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සහ ක්රම හා විධි පිළිබඳ කාරක සභාවේ ඇති වූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තු මන්ත්රී නිශාන්ත ජයවීර මහතා නම් කරන ලද බව කථානායකවරයා පාර්ලිමේන්තුවේදී නිවේදනය කරයි.
පාර්ලිමේන්තු මන්ත්රී (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම මහතා සිය පාර්ලිමේන්තු මන්ත්රී ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සහ ක්රම හා විධි පිළිබඳ කාරක සභාවේ ඇති වූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 130(3) හි විධිවිධාන ප්රකාරව, 2025 ජූලි 24 දින තේරීම් කාරක සභාව විසින්  පාර්ලිමේන්තු මන්ත්රී නිශාන්ත ජයවීර මහතා එම කාරක සභාවල සේවය කිරීම පිණිස නම් කරන ලද බව කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතා ඊයේ (25) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.