China Communications Construction Company Ltd., (CCCC) Chairman Wang Tongzhou yesterday called on Speaker of Parliament Mahinda Yapa Abeywardena.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (UNFAO) සහකාර අධ්‍යක්ෂ ජනරාල්,ධීවර හා ජලජ සම්පත් අධ්‍යක්ෂ ආචාර්ය Manuel Barange මහතා සහ ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා අතර හමුවක් පසුගියදා ධීවර අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
රී ලංකාවේ නිල සංචාරයක නිරත ඉරාන විදේශ අමාත්‍ය හුසේන් අමීර්-අබ්දුල්ලාහියන් (Hossein Amir-Abdollahian) මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.
බලශක්ති සහයෝගීතාව පිළිබඳ සාකච්ඡාවක් ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජයේ තානාපති අතිගරු මියොන් ලී මහත්මිය සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර ඊයේ (28) එම අමාත්‍යාංශයේ දී පැවැත්විණ.
The United States Deputy Secretary of State for Management and Resources Richard Verma, who called on President Ranil Wickremesinghe expressed appreciation for the efforts taken by the Sri Lankan Government to turn the economy around.
37 වන ආසියා පැසිෆික් කලාපිය සමුලුවට සහභාගි විමට පසුගියදා (18) දිවයිනට පැමිණි එක්සත් ජාතින්ගේ ආහාර කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Dr. Qu Donguyi මහතා ඇතුලු පිරිස ඇල්පිටිය අතුකෝරල තේ කර්මාන්ත ශාලාව හා අගලවත්ත රබර් පර්‍යේෂණායතනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ රුමේනියානු තානාපති ඩෝම්නා ස්ටෙලූසා ආහිරේ(Doamna Steluśa Arhire) මහත්මිය අතර හමුවක් ඊයේ (26) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
අමෙරිකාවේ Intuitive machines තාක්ෂණ සමාගම නාසා ආයතනය සමග එක්ව සඳ මත සාර්ථකව අභ්‍යවකාශ යානයක් ගොඩබැස්වූ පළමු පෞද්ගලික සමාගම ලෙස ඉතිහාසයට එක්විය.
ඒ, ඔඩිසියස් නමැති යානය, සඳේ දක්ෂිණ ධ්‍රැවය වෙත ගොඩ බස්වමින් ය.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ (FAO) අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කියු ඩොන්ගු මහතා (Dr.Qu Dongyu ) අතර හමුවක් ඊයේ (19) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
ජයිකා - ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය (JICA – Japan International Cooperation Agency) ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධාන නියෝජිත ටෙට්සුයා යමඩා (Mr. Tetsuya Yamada) මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අද (26) සෞඛ්‍ය අමාත්‍යංශයේ දී මුණ ගැසුණි.
බේරුවල ධීවර වරායේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සිය උපරිම සහාය ලබාදෙන බව එම සංවිධානයේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් හා ධීවර හා ජලජීවී වගා අංශයේ අධ්‍යක්ෂ (NFI) ආචාර්ය මැනුවෙල් බැරන්ජ් (Manuel Barange) මහතා පැවසීය.
එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වැනි ආසියා පැසිෆික් කලාපීය සමුළුවට සහභාගි වීම සඳහා රටවල් 35ක නියෝජිතයන් අද (17) දිවයිනට පැමිණීමට නියමිත ව තිබේ.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ රුමේනියානු තානාපති ඩෝම්නා ස්ටෙලූසා ආහිරේ (Doamna Steluśa Arhire) මහත්මිය අතර හමුවක් අද (26) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාව හා වියෙට්නාමය රජයන් අතර කෘෂිකාර්මික අංශයේ සංවර්ධනය සදහා හේතුවන කරුණු ගණනාවක් සම්බන්ධයෙන් ඊයේ (21) දෙරට අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තබනු ලැබීය.
ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා සම්මුතියකට අද (15) පෙරවරුවේ අත්සන් තැබුණු බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
වසර මිලියන 240ක් පමණ පැරණි සත්ත්වයකුගේ සම්පූර්ණ ෆොසිලයක් සොයාගෙන හමුවී ඇති බවත් පොසිලයේ පෙනුම අනුව එම සත්වයා මකරකු සිහි ගන්වන බවත් විදෙස් මාධ්‍ය පවසයි.
The 14th round of negotiations between Sri Lanka and India on the Economic and Technology Cooperation Agreement (ETCA) is scheduled to be held during the first week of March in New Delhi.
ජයිකා (JICA) ආයතනය ශ්‍රී ලංකාවේ සංවර්ධන හා ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට අඛණ්ඩව සහාය වන බව ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයෙහි (JICA) සභාපති ආචාර්ය තනාකා අකිහිතෝ මහතා පවසයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ ඊයේ (14) අරලියගහ මන්දිරයේ දී පැවැති විශේෂ හමුවේදීය.
උග්‍ර ආර්ථික අර්බුදයකින් පසු ඉක්මන් ප්‍රකෘතිමත් වීම පිළිබඳව ජයිකා සභාපතිවරයා ලංකා රජයට ප්‍රශංසා කළ අතර රට දැන් ශීඝ්‍ර වර්ධනයක් කරා යමින් සිටින බව ද පැවසීය. "ගෝලීය වර්ධනය ආසියා ශාන්තිකර කලාපයට මාරු වී ඇති අතර මෙහි දී ශ්‍රී ලංකාව ලෝක ආර්ථික වර්ධනයේ ආකර්ෂණීය මධ්‍යස්ථානයක්" යැයි පැවසූ ඔහු ජයිකා ආයතනය මෙම ක්‍රියාවලියේ හවුල්කරුවෙකු ලෙස දිගටම කටයුතු කරන බව ද අවධාරණය කළේය.
1968 වසරේ (JICA) ජයිකා ශ්‍රී ලංකා ආධාර සංගමයේ සාමාජිකත්වය ලබා ගත් දා සිට දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝගය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහිදී ආචාර්ය අකිහිතෝ මහතාට ස්තූතිය පළ කළේය. ග්‍රාමීය සංවර්ධනය, ග්‍රාමීය මාර්ග ඉදිකිරීම, කුඩා හා මධ්‍ය පරිමාණයේ ගොවීන් සහ ව්‍යවසායකයින් සවිබල ගැන්වීම සඳහා නව ව්‍යාපෘති පිළිබඳ සලකා බලන ලෙස අග්‍රාමාත්‍යවරයා ජයිකා ආයතනයෙන් ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකාවේ රෝහල්වල සූර්ය බලශක්ති ඒකක පිහිටුවීම ඇතුළත් නව පුනර්ජනනීය බලශක්ති වැඩසටහනක් සඳහා JICA ප්‍රදානයක් ලබා දෙන බව ආචාර්ය අකිහිතෝ පැවසීය. ජයිකා ආයතනය විසින් අනුරාධපුරයේ ආරක්ෂිත ජල සම්පාදන ව්‍යාපෘතිය අවසන් කර ඇති බවත් එහි සමාරම්භක උත්සවයට පුරාණ අගනුවරදී සහභාගි වන බවත් සඳහන් කළේය. මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජපානයට ස්තූතිය පළ කළ අග්‍රාමාත්‍යවරයා, අපිරිසිදු ජලය හේතුවෙන් වකුගඩු රෝගයට ගොදුරු වූ දිස්ත්‍රික්කයක් වන අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවට මෙමගින් ඉමහත් සහනයක් සැලසෙන බව ප්‍රකාශ කළේය.
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය කඩිනම් කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරන්නේ රටට වැඩි සංචාරක පිරිසක් ආකර්ෂණය කර ගැනීමට සහ ශ්‍රී ලංකාව වැදගත් ගුවන්සේවා කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට එය උපකාරී වන බැවිනි. ජයිකා ආයතනය රට පුරා පුළුල් පරාසයක ව්‍යාපෘති ක්‍රියාත්මක කරයි. යටිතල පහසුකම් සංවර්ධනය, සමාජ සේවා පුළුල් කිරීම, මානව සම්පත් සහ ග්‍රාමීය ප්‍රජාවන් සංවර්ධනය කිරීම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වැඩිදියුණු කිරීම, ආපදා කළමනාකරණය සහ දේශගුණික විපර්යාස යන අංශ ඊට ඇතුළත් වේ.
ඉදිරි ආධාර වැඩසටහන් සහ ව්‍යාපෘති සැලසුම් කිරීම සඳහා සංවර්ධන අවශ්‍යතා සොයා බැලීම සඳහා ජයිකා ආයතනයේ සභාපතිවරයා මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙයි. කෘෂිකාර්මික හා ග්‍රාමීය කර්මාන්ත නඟා සිටුවීම, ග්‍රාමීය ප්‍රජාවන් සංවර්ධනය කිරීම සහ අධ්‍යාපනය හා සෞඛ්‍ය සම්බන්ධ සමාජ සේවා පුළුල් කිරීම සඳහා සහාය සැපයීමට ජයිකා ආයතනය අවධානය යොමු කරන බවත් ශ්‍රී ලංකාවට අඛණ්ඩ ව ව්‍යාපෘති සඳහා සහාය ලබාදීමට සහතික වන බවත් ජයිකා සභාපතිවරයා වැඩිදුරටත් පැවසී ය.
Page 35 of 367