Sunday, February 08, 2026
Follow Us
BIMSTEC මහලේකම්, තානාපති ඉන්ද්‍රා මනි පාණ්ඩේ සහ අගමැතිනිය අතර හමුවක්

BIMSTEC සංවිධානයේ මහලේකම් සහ තානාපති ඉන්ද්‍රා මනි පාණ්ඩේ ( Indra Mani Pandey) මහතා පෙබරවාරි 6 වැනි දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

BIMSTEC තුළ කලාපීය සහයෝගීතාව සඳහා ශ්‍රී ලංකාවේ අඛණ්ඩ දායකත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.

ශ්‍රී ලංකාව තුළ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකර ඇති සෞඛ්‍ය සේවාවන්, මානව සම්පත් සංවර්ධනය සහ ඩිජිටල්කරණය ඇතුළු සහයෝගීතාවයේ ප්‍රධාන ක්ෂේත්‍ර කෙරෙහි මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.

BIMSTEC සාමාජික රටවල් අතර ආර්ථික හා සමාජීය සංවර්ධනය ඇති කිරීම සඳහා මෙම අංශ ශක්තිමත් කිරීමේ වැදගත්කම ඉන්ද්‍රා මනි පාණ්ඩේ මහතා විසින් පෙන්වා දුන්නාය.

තායිලන්තයේ පැවැත්වීමට නියමිත 6 වැනි BIMSTEC රාජ්‍ය නායක සමුළුව පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණ.

මෙම හමුවට BIMSTEC සංවිධානයේ මෙරට අධ්‍යක්ෂ Dr. A. Saj U. Mendis, අග්‍රාමාත්‍ය කාර්යාලය වෙනුවෙන් අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රාර්ථනා කෞෂලියා යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.