Sunday, February 08, 2026
Follow Us
පාකිස්ථානයේ PNS ASLAT නෞකාව කොළඹ වරායට

පාකිස්ථාන නාවික හමුදාවට අයත් PNS ASLAT නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ (01) කොළඹ වරායට පැමිණ තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායන්ට අනුකූලව මෙම නෞකාව පිළිගෙන ඇති බවට වාර්තා වේ.

දිග මීටර් 123ක් වන PNS ASLAT නෞකාව 243දෙනෙක්ගෙන් යුත් කාර්ය මණ්ඩලයකින් සමන්විත වන අතර නෞකාව නිල සංචාරය නිමා කරමින් අනිද්දා (04) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි