තොරතුරු තාක්ෂණ සහ ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් ක්ෂේත්‍රවල ප්‍රවීණයන් සමඟ ඒ ඒ ක්ෂේත්‍රවල පවතින ගැටලු සහ ඒ සඳහා ගත හැකි විසඳුම් ක්‍රියාමාර්ග පිලිබඳව පුළුල් සාකච්ඡාවක් පසුගියදා (09) ගාමිණී වලේබොඩ මහතාගේ සභාපතීත්වයෙන් රැස් වූ ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී සිදු විය.
බදු ප්‍රතිසංස්කරණ නිසා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට පසුබෑමක්
මෑතකාලීනව හඳුන්වා දුන් බදු ප්‍රතිසංස්කරණ නිසා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තිකයන් රට හැර යාමට පෙළඹී සිටින බවත්, තොරතුරු තාක්ෂණ සමාගම් රාශියක් වෙනත් රටවල් වෙත සිය ව්‍යාපාර කටයුතු ගෙන යාමට උත්සාහ කරන බවත් මෙහි දී හෙළි විය.
තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය යනු ශ්‍රී ලංකාවේ ආර්ථිකයට කැපී පෙනෙන දායකත්වයක් සපයන සේවා ක්ෂේත්‍රයකි.
2019 වසරේ දී එමගින් උත්පාදනය කළ ආදායම ඇ.ඩො. බිලියන 1.5 ක් වූ අතර එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 2% ක දායකත්වයකි.
මෙම ආදායම තවත් ඉහළ නංවා ගැනීමේ ඉහළ භව්‍යතාවයක් පවතී.
ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් වෙත ලෝකයේ ඉහළ ඉල්ලුමක් පවතී.
ඉන්දීයාවේ දළ දේශීය නිෂ්පාදිතය සඳහා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ දායකත්වය 8% ක තරම් ඉහළ අගයකි.
එවැනි ඉහළ ආදායම් උත්පාදන තත්ත්වයක් වෙත ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය නංවාලීම පිළිබඳ යෝජනාවලියක් එම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විසින් කමිටුවට ඉදිරිපත් කරන ලදි.
The Sri Lanka-Japan Business Council key official met with the Chairman and officials of the BOI to discuss the new plans of the BOI on the ‘Invest Sri Lanka’ initiative, and opportunities and challenges faced by their member companies. A presentation on the opportunities at Colombo Port City was also discussed.
අස්වැසුම වැඩසටහන මගින් ජූලි මාසයේ සිට පවුල් 20කට අයත් පුද්ගලයන් ලක්ෂ 80කට අධික පිරිසකට සහන සැලසෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.
ආනයනික සිමෙන්ති සඳහා පනවා තිබූ සෙස් බද්ධ ඉහළ දැමීමට රජය පියවර ගෙන තිබෙන බව වාර්තා වෙයි .
ආනයනය තිරිගු පිටි මිල රුපියල් හතලියකින් වැඩි වී ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
දේශීය ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් රටේ විවිධ පාර්ශ්ව අසත්‍ය තොරතුරු සමාජගත කරමින් සිටින නමුත් රජය මෙතෙක් ඒ සම්බන්ධව අවසන් තීන්දුවක් ගෙන නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.
පවතින තත්ත්වය හමුවේ රථ වාහන ආයනයනයට අවසර ලබා දිය නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රජය තවදුරටත් භාණ්ඩ 900ක් පමණ ආනයනය සීමා කරමින් දැඩි අධ්‍යයනයකින් යුතුව ආර්ථිකය කළමනාකරණය කරමින් සිටින බවයි.
The Embassy of Sri Lanka in Tokyo, in collaboration with Samurai Lanka Co. Ltd., a Sri Lankan-owned enterprise in Niigata, and the Niigata Chamber of Commerce and Industry (NCCI), organised a Sri Lanka Business Promotion Seminar at Niigata City Tenjuen Hall on 8 June with the objective of educating Japanese enterprises in Niigata prefecture about current business opportunities and inviting them to consider Sri Lanka as a business destination.
මෙරට වෙළෙදපොළේ රන් මිල ගණන් අද (15) දිනයේත් ඉහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සංවිධානය කරනු ලබන, “EDB Open Day” වැඩසටහන ජුනි මස 15 වැනි දින කොළඹ 02, නවම් මාවතේ, අංක 42 දරණ ස්ථානයේ EDB/NDB Tower හි පිහිටි එම මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේදී පෙරවරු 9.30 සිට පස්වරු 4.30 දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
ඉන්දියාවෙන් දිනකට බිත්තර ලක්ෂ දහය බැගින් ආනයනය කර සාර්ථක ලෙස බෙදා හරින බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසීය.
මෙම වසරේ අවසන් කාර්තුවේදී මෙරට ආර්ථික වර්ධන වේගය ධන අගයක් ගනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
78%කින් අධි ප්‍රමාණය වූ ඩොරලය 20%කින් පමණ අව ප්‍රමාණය වී ඇති තත්ත්වයක් තුළ රථ වාහන ආයනය කිරීමට අවසර ලබා දීමේ යෝජනාව ගැඹුරින් අධ්‍යනය කළ යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
ඉදිරි තෙමස තුළ IMF එකඟතා සම්පූර්ණ කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
Page 65 of 274