Friday, July 11, 2025
Follow Us
ලංකා ඛනිජවැලි සමාගමේ ලාභාංශය ලෙස රු.බි. 1.5ක් භාණ්ඩාගාරයට 

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින ලංකා ඛනිජවැලි සමාගමේ ( Lanka Mineral Sands Limited ) 2022 වාර්ෂික ලාභාංශය ලෙස රුපියල් බිලියන 1.5ක මුදලක් භාණ්ඩාගාරය වෙත ලබාදීම වෙනුවෙන්, ඊට අදාළ චෙක්පත කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසින් වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා වෙත ලබාදීම ඊයේ ( අගෝස්තු 21) සිදුකෙරිණි.

අනතුරුව එම අවස්ථාවට එක්වූ භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් සරත් කුමාර මහතා වෙත එම චෙක්පත ලබාදීම වැඩබලන මුදල් අමාත්‍යවරයා විසින් සිදු කරන ලදී.