Friday, July 24, 2026
Follow Us
රෙජිස්ට්රාර් ජනරාල් දෙපාර්තමේන්තුව මගින් ක්රියාත්මක කරන ඉ-ජනගහන ලේඛන වැඩසටහන යටතේ ඩිජිටල් මරණ සහතික නිකුත් කිරීමේ නව දත්ත පද්ධතිය නිල වශයෙන් එළිදැක්වීම සහ රෙජිස්ට්රාර් සේවයේ III පන්තියේ II ශ්රේණියේ, අතිරේක දිස්ත්රික් රෙජිස්ට්රාර් නව පත්වීම්ලාභී නිලධාරීන් 49 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්රදානය කිරීම රාජ්ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්රධානත්වයෙන්, පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්ය අමාත්ය පී. රුවන් සෙනරත් මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (23)  බත්තරමුල්ලේ පිහිටි එම දෙපාර්තමේන්තු ශ්රවණාගාරයේදී සිදුවිය.
2026.03.01 වන දින පවත්වන ලද විවෘත තරඟ විභාගයේ ප්රතිඵල මත, කුසලතා අනුපිළිවෙළට සුදුසුකම් ලත් අයදුම්කරුවන්ගේ සම්මුඛ පරීක්ෂණ 2026.07.01 දින පවත්වන ලද අතර එහි ප්රතිඵල අනුව සුදුසුකම් සපුරාලූ අයදුම්කරුවන් 49 දෙනෙකු වෙත අද දින පත්වීම් ලිපි ප්රදානය කෙරිණි. මෙම නව නිලධාරීන් දිවයින පුරා පිහිටි ප්රාදේශීය ලේකම් කාර්යාලවල පවතින අතිරේක දිස්ත්රික් රෙජිස්ට්රාර් පුරප්පාඩු සඳහා අනුයුක්ත කිරීමට නියමිතය.
උත්සව සභාව ඇමතූ මහාචාර්ය චන්දන අබයරත්න මහතා දෙපාර්තමේන්තු ඉතිහාසය සහ නව නිලධාරීන්ගේ වගකීම පිළිබඳව මෙසේ සඳහන් කළේය.
"මේ දෙපාර්තමේන්තුවේ ඉතිහාසය 1864 දී ආරම්භ වුණාට, මේ අවශ්යතාව ආරම්භ වෙන්නේ ඊට වඩා බොහෝ කාලයකට පෙර. අනුරාධපුර යුගයේදීත් මේ අවශ්යතාව තිබුණා. ඒ නිසාම 'ලේකම්ගේ' කියන වෙනම කාර්යාංශයක් තිබුණා. එහි වැඩ කරපු නිලධාරීන් හැඳින්වූයේ 'ලේකම්ගේ දරුවන්' හෙවත් 'ස්වාමි දරුවන්' කියලා. ඒගොල්ලෝ තමයි උපත්, විවාහ, මරණ, ඉඩම් සහ වෙනත් සියලු තොරතුරු ලේඛනගත කරලා ආරක්ෂා කළේ. බටහිර ජාතීන්ගේ ආගමනයෙන් පස්සේ 'තෝම්බු' හැටියට සකස් වුණෙත් මේ තොරතුරුයි. එතකොට ඔබ පත්වෙන්නේ ජනතාවගේ එවැනි භාරදූර වගකීමක කොටස්කරුවන් බවටයි.
ජනතාව අපේක්ෂා කළ ඒ යහපත් සේවය ලබා දීමට අපි කෙතෙක් දුරට සමත් වුණාද කියන එක මත තමයි අපේ සේවයේ සාර්ථකත්වය තීරණය වෙන්නේ. 100% ක්ම ඒක සාක්ෂාත් කරගන්න බැරි වුණත්, අප ලබා දුන් සේවය පිළිබඳව තෘප්තිමත් වෙන්න පුළුවන් නම්, විශ්රාම යන දවසට සතුටින් විශ්රාම යන්න පුළුවන් වෙනවා."
මෙහිදී අදහස් දැක්වූ පළාත් සභා හා පළාත් පාලන නියෝජ්ය අමාත්ය පී. රුවන් සෙනරත් මහතා මෙසේ අවධාරණය කළේ ය.
අද මෙතන පත්වීම් ලබන 49 දෙනා භාරගන්නේ නිකන්ම නිකන් පත්වීම් ලිපියක් නෙවෙයි, විශාල වගකීම් සහගත ලිපියක්. ඔබ අද රාජ්ය සේවයට එකතු වෙනවා. හැබැයි ඔබ නිකන්ම නිකන් රාජ්ය සේවකයෙක් නෙවෙයි, වගකීමක් සහිත රාජ්ය සේවකයෙක්. "

මෙහිදී රාජ්ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්යාංශයේ ලේකම් එස්. ආලෝකබණ්ඩාර, කළුතර දිස්ත්රික් ලේකම් එච්. එම්. එස්. පී. හේරත් යන මහත්වරු ද අදහස් දැක්වූ අතර මෙම අවස්ථාවට රෙජිස්ට්රාර් ජනරාල් එස්.ජලදීපන්, අතිරේක රෙජිස්ට්රාර් ජනරාල් ඒ.එම්.ආර්.එස්.කේ. අමරකෝන් යන මහත්ම මහත්මීන් ඇතුළු අමාත්යාංශයේ හා රෙජිස්ට්රා