Friday, July 24, 2026
Follow Us
Colombo Literary Festival 2026 – ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාත්‍යන්තර ත්‍රිභාෂා සාහිත්‍ය උළෙල ඇරඹේ
මෙරට සාහිත්ය හා සංස්කෘතික කලාව නව මානයකට රැගෙන යන ශ්රී ලංකාවේ ප්රථම සිංහල, දෙමළ සහ ඉංග්රීසි යන භාෂා ත්රිත්වයටම එක හා සමාන ඉඩක් වෙන් කරනු ලබන ජාත්යන්තර සාහිත්ය උළෙල වන කොළඹ සාහිත්ය සමය "Colombo Literary Festival 2026" අද (24) පෙරවරුවේ නිල වශයෙන් ආරම්භ කෙරිණි.
ඒ සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස සහ ඉන්දීය ප්රකට දේශපාලනඥයෙකු සහ ලේඛකයෙකු වන ආචාර්ය ශෂී තරූර් (Dr. Shashi Tharoor), කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනී ව්රායි කැලී බල්තසාර් (Vraîe Cally Balthazaar) යන මහත්ම මහත්මීන්ගේ ප්රධානත්වයෙන් සහ උළෙල අධ්යක්ෂ (Festival Director) ප්රදීප් සමරනායක (Expographic Bookshop) මහතා ඇතුලු ආරාධිතයින් රැසකගේ සහභාගීත්වයෙනි.
Colombo Literary Festival (Pvt) Ltd ආයතනය මගින් මෙම "Colombo Literary Festival 2026" උළෙල සංවිධානය කර ඇති අතර, මෙරට ප්රමුඛතම පොත් ප්රකාශන ආයතන 5 ක් එක්ව මෙම උළෙල මෙහෙයවනු ලබයි
 
අද 24 සිට 29 දක්වා සෑම දිනකම පෙ.ව. 9:00 සිට ප.ව. 9:00 දක්වා කොළඹ නිදහස් චතුරශ්ර ආකේඩ් "Arcade Independence Square" පරිශ්රයේදී මෙම උළෙල පැවැත්වීමට සංවිධායක කමිටුව කටයුතු යොදා ඇත.
අනාගතයේ අප රට ඉතා විශිෂ්ට තත්වයට පත් කළ හැකි අවස්ථාවක සාක්ෂි කරුවන් බවට පත්වන මෙන්ම මෙරට අනන්යතාවයට සාහිත්ය එක් කරගෙන යන ගමනක සුවිශේෂි අවස්ථාවක් ලෙස මෙම සාහිත්ය උළෙල පත්වන බව මෙහිදී සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ලෝකයේ සෑම රටක්ම සිය අනන්යතාවයන් තහවුරු කිරීමට විවිධ අංශ ඔස්සේ කටයුතු කරන අවස්ථාවක සාහිත්ය ක්ෂේත්රයෙන් එවැනි ප්රවේශයක් ගැනීම ඇගයීමට ලක් කළ අමාත්යවරයා භාෂා ත්රිත්ත්වයකින් විවිධ මානයන් ඔස්සේ සාහිත්ය පිළිබඳ කථා කරන, අධ්යයනය කරන සියළු වයස් සීමාවන්ගේ ජනතාවට මෙම සාහිත්ය උළෙල වේදිකාවක් වනු ඇති බව ද මෙහිදී පැවසී ය.'
ශ්රී ලංකාවේ ප්රථම ජාත්යන්තර ත්රිභාෂා සාහිත්ය උළෙල ලෙස සංවිධානය වන මෙම උළෙල තුළ සිංහල, දෙමළ සහ ඉංග්රීසි භාෂාවන්ට සමාන වටිනාකමක් හා අවකාශයක් ලබාදෙමින් දේශීය හා ජාත්යන්තර ලේඛකයන්, කවියන්, විචාරකයන්, ශාස්ත්රවේදීන්, චිත්රපටකරුවන්, කලාකරුවන් සහ පාඨකයන් එක් වේදිකාවකට එක් කරයි.
දින හයක පුරා පැවැත්වෙන මෙම උළෙලේදී සාහිත්ය සංවාද, නව ග්රන්ථ එළිදැක්වීම්, කෘතිමය වැඩමුළු, චිත්රපට ප්රදර්ශන, සංස්කෘතික වැඩසටහන්, සංගීත ඉදිරිපත් කිරීම් සහ පොත් අලෙවි ප්රදර්ශන ඇතුළු විවිධ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත. සියලු වයස් කාණ්ඩවල පාඨකයන්, සිසුන්, නිර්මාණකරුවන් සහ සාහිත්යයට ආදරය කරන සැමට මෙම උළෙල විවෘත වේ.
Colombo Literary Festival 2026 හි අරමුණ වන්නේ සාමාන්ය පොත් ප්රදර්ශනයකින් ඔබ්බට ගොස්, සිංහල, දෙමළ සහ ඉංග්රීසි යන භාෂා ත්රිත්වයටම සම තැනක් දීම සහ ශ්රී ලාංකීය සාහිත්යය ජාත්යන්තර තලයට ඔසවා තැබීමයි.
මෙම අවස්ථාවට උළෙල අධ්යක්ෂ (Festival Director): ප්රදීප් සමරනායක (Expographic Bookshop), ඉන්දීය ප්රකට දේශපාලනඥයෙකු සහ ලේඛකයෙකු වන ආචාර්ය ශෂී තරූර් (Dr. Shashi Tharoor) සංවිධායක කමිටු සාමාජිකයින් ලෙස ජනක ඉනිමංකඩ (Vidarshana Publishers), චන්දු හපුතන්ත්රි (Sarasavi Publishers), අමේන්ද්ර ගුණවර්ධන හපුතන්ත්රි, (Sarasavi Publishers), දිනුෂි වීරමන් අබේවික්රම (Samayawardana Publishers), අනෝමා රාජකරුණා (Agenda 14 - සිනමා උළෙල භාරව ක්රියා කරයි), දර්ශන රලපනාව (Darshana Marketing), රිසෙලි වීරසේකර (සහකාර උළෙල කළමනාකාරිනී) ඇතුළු ආරාධිතයින් පිරිසක් එක්ව සිටියහ.