රජයේ ජාත්යන්තර වෙළඳ න්යාය පත්රයට සහ අපනයන සංවර්ධන අරමුණු සඳහා සහාය වීම පිණිස වාණිජ දෙපාර්තමේන්තුව විසින් දැනට ක්රියාත්මක කරනු ලබන වැඩසටහන්, උපායමාර්ගික ප්රමුඛතා සහ ඉදිරි සැලසුම් පිළිබඳ ප්රගති සමාලෝචන රැස්වීමක් වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්ය වසන්ත සමරසිංහ මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (23) පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්යාංශයේ ලේකම් කේ. ඒ. විමලේන්තිරරාජා, අතිරේක ලේකම් (වෙළඳ හා පර්යේෂණ) ගිල්මා දහනායක, වැඩබලන වාණිජ අධ්යක්ෂ ජනරාල් සෝමසේන මහදියුල්වැව යන මහත්ම මහත්මීන් ඇතුළු අමාත්යාංශයේ නිලධාරීන්, අංශ ප්රධානීන් සහ වාණිජ දෙපාර්තමේන්තුවේ ජ්යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.