පන්දුවාර විස්ස ක්රිකට් තරගාවලියේ අද පැවැත්වෙන පාකිස්ථාන කණ්ඩායම හා නැමීබියානු කණ්ඩායම අතර තරගය පාකිස්ථානයට ඉතාමත් තීරණාත්මක තරගයක් වේ.
සුපිරි 8දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට නම් පාකිස්ථාන කණ්ඩායම මෙම තරගය ජය ගත යුතුයි.
කුමනහෝ හේතුවක් මත මෙම තරගය පාකිස්ථාන පිල පරාජයට පත් වුවහොත් අමෙරිකානු කණ්ඩායම සුපිරි කණ්ඩායම් 8 අතර තරග වටයට සුදුසුකම් ලබනු ඇති.
තරගය අද කොළඹ එස්.එස්.සී ක්රීඩාංගණයේදී පැවැත්වෙන අතර තරගයේ කාසියේ වාසිය දිනා ගත් පාකිස්ථාන කණ්ඩායමේ නායක තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.