Wednesday, February 18, 2026
Follow Us
දකුණු ආසියානු සහයෝගීතා පාරිසරික වැඩසටහනේ (SACEP) ජාතික කේන්ද්‍රස්ථාන පිළිබඳ උපදේශන හමුව පැවැත්වෙයි
දකුණු ආසියානු සහයෝගීතා පාරිසරික වැඩසටහනේ (SACEP) සියලු රටවල නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් ජාතික කේන්ද්රස්ථාන පිළිබඳ උපදේශන හමුව ඊයේ (17) පරිසර අමාත්ය වෛද්ය දම්මික පටබැඳි මහතාගේ ප්රධානත්වයෙන් Cinnamon Life හෝටල් පරිශ්රයේ දී පැවැත්විණ.

 

1982 වසරේ ආරම්භයේ සිටම, දකුණු ආසියානු රටවල් අටක් ඒකාබද්ධ කරමින් පාරිසරික තිරසාරභාවය උදෙසා කැපවූ වැදගත් අන්තර් රාජ්ය වේදිකාවක් ලෙස SACEP ආයතනය ක්රියා කරනු ලබයි. කලාපීය තෙල් සහ රසායනික කාන්දු හදිසි අවස්ථා සැලැස්ම සහ කලාපීය සාගර අපද්රව්ය ක්රියාකාරී සැලැස්ම හරහා වෙරළබඩ සහ සාගර පරිසර පද්ධති සුරැකීම සඳහා දකුණු ආසියානු මුහුදු වැඩසටහනේ ලේකම් කාර්යාලය ලෙස එම ආයතනය සුවිශේෂී මෙහෙවරක් ඉටු කරයි.
 
මෙහි දී දකුණු ආසියාවේ ප්ලාස්ටික්වලින් තොර ගංගා සහ මුහුදු තීරයන් ඇති කිරීමේ (PLEASE) ව්යාපෘතිය කෙරෙහි අවධානය යොමු කළ අතර ලෝක බැංකුවේ සහයෝගය ඇතිව ක්රියාත්මක වන මෙම ප්රමුඛ පෙළේ වැඩසටහන මගින් කලාපයේ ජල මාර්ගවලට ප්ලාස්ටික් අපද්රව්ය කිලෝග්රෑම් මිලියන 14.9 ක් එකතු වීම වැළැක්වීමට සමත්වීම පිළිබඳත් ප්ලාස්ටික් කිලෝග්රෑම් මිලියන 1.5 කට වඩා ප්රමාණයක් ප්රතිචක්රීකරණය කර ඇතිවා පමණක් නොව, අවිධිමත් අපද්රව්ය කළමනාකරණ සේවකයින් 9,000 කට අධික පිරිසකට අතහිත දෙමින් සහ ප්ලාස්ටික් ජීවන චක්රය කළමනාකරණය සඳහා නව්ය විසඳුම් 30 කට වඩා හඳුන්වා දෙමින් ප්රජාව බලගන්වා ඇති බව පරිසර අමාත්යවරයා මෙහිදී අවධාරණය කළේය.
 
කොළඹ පිහිටි SACEP හි නව කලාපීය මූලස්ථානය විවෘත කිරීම පිළිබඳව ද මෙම වැඩසටහනේ දී විශේෂ අවධානය යොමු වූ අතර මේ හරහා දකුණු ආසියාතික රටවල සිදු කරන පාරිසරික ඇගයීමේ ක්රියාවලිය පිළිබඳ සාකච්ඡා කෙරිණි.
 
මෙම අවස්ථාවට සමගාවීමව පරිසර අමාත්යවරයාගේ ප්රධානත්වයෙන් SACEP වෙබ් ද්වාරය (web-portal), නිල වශයෙන් විවෘත කිරීම ද සිදු විය.
 
දකුණු ආසියානු රටවල් අතර දත්ත, හොඳම භාවිතයන් සහ ව්යාපෘති යාවත්කාලීන කිරීම් හුවමාරු කර ගැනීම සඳහා ප්රධාන වේදිකාවක් ලෙස ක්රියා කරන අතර එමඟින් විනිවිදභාවය සහ සම්බන්ධීකරණය තවදුරටත් ශක්තිමත් වේ. මෙම උපදේශන මගින් SACEP හි උපායමාර්ගික මුලපිරීම් ක්රියාත්මක කිරීම සහ ප්රතිපත්තිමය පෙළගැස්ම සඳහා අවශ්ය සහයෝගය ලබා දෙයි.