Wednesday, February 18, 2026
Follow Us
මිලියන 30ක වියදමින් ඉදිකෙරුණු මීදුම්පිටිය මාර්ගය ජනතා අයිතියට
ග්රාමීය මාර්ග ව්යාපෘතිය යටතේ මාර්ග සංවර්ධන අධිකාරිය අධීක්ෂණයෙන් කොන්ක්රීට් අතුරා සංවර්ධනය කෙරුණු පස්සර ප්රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් තොලබෝවත්ත මීදුම්පිටිය මාර්ගය, පසුගියදා ජනතා අයිතියට පත් කෙරිණි.

 

කොන්ක්රීට් අතුරා සංවර්ධනය කරන ලද මාර්ගයේ දිග කිලෝ මීටර් 1ක්. මෙම මාර්ගය සංවර්ධනය වීම තුලින් පස්සර ලුණුගල මාර්ගයට මෙන්ම පස්සර මොණරාගල මාර්ගය භාවිතා කරන්නන්ට වඩාත් පහසුවක් සැලැසෙනු ඇත.
 
මේ සඳහා වැයවී ඇති මුදල රුපියල් මිලියන 30.4ක්