Friday, July 04, 2025
Follow Us
ශ්‍රී ලංකා පොලීසියට නව වාහන 200ක්

2025 වසරේ අයවැයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශය යටතේ ඇති දෙපාර්තමේන්තු හා ආයතනවලට වෙන් කරන ලද මූල්‍යමය ප‍්‍රථිපාදන වලට අදාල ප‍්‍රගති සමාලෝචන සාකච්ඡා මාලාවේ සාකච්ඡා කිහිපයක් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

ඒ ඊයේ(02) මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශ ශ‍්‍රවණාගාරයේදී ය.

එහිදී පළමු සාකච්ඡාව වශයෙන් ශ‍්‍රී ලංකා පොලීසියට මෙවර වෙන් කරන ලද අය වැය ප‍්‍රතිපාදනවලට අදාළ ප‍්‍රගතිය පිළිබඳව සමාලෝචනය කළ අතර එහිදී ශ‍්‍රී ලංකා පොලීසියට අදාළ ව්‍යාපෘතීන් කඩිනම් කිරීමටත් පොලිස් නිලධාරීන්ගේ සුබසාධනය ක‍්‍රියාවලිය වේගවත් කිරීමටත් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් උපදෙස් ලබා දෙන ලදී.

එමෙන්ම ශ‍්‍රී ලංකා පොලීසියට අලූතින් මිලදී ගැනීමට නියමිත වාහන 200ක පමණ ප‍්‍රමාණය මිලදී ගැනීමේ ක‍්‍රියාවලිය කඩිනම් කිරීමටත් ශ‍්‍රී ලංකා පොලීසියට අයත් දැනට ඉදිවෙමින් පවතින ගොඩනැගිලි ඉතාමත් කඩිනමින් ඉදිකොට අවසන් කිරීමටත් අවශ්‍ය උපදෙස් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් ලබා දෙන ලදී. එමෙන්ම ශ‍්‍රී ලංකා පොලීසියෙහි පවත්නා ගැටලූ පිළිබඳව ද අමාත්‍යවරයාගේ අවධානයට යොමු විය.