Friday, July 04, 2025
Follow Us
මාස 6ට රේගුවේ ආදායම රුපියල් ට්‍රිලියනය ඉක්මවයි

ශ්‍රී ලංකා රේගුව මෙම වසරේ ගත වූ මාස 6 තුළ දී රුපියල් ට්‍රිලියනය (බිලියන 1,000) ඉක්ම වූ ආදායමක් උපයා ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පවසයි.

අද (3) කොළඹ දී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළ අතර ඒඅනුව මෙම වසරේ දී රජය ලබාදුන් ආදයම් ඉලක්කය පසුකර යෑමට හැකිවනු ඇති බව ද සඳහන් කළේය.

ශ්‍රී ලංකා රේගුවේ ආදායම අද වනවිට රුපියල් ට්‍රිලියනයේ සීමාව ඉක්මවා තිබෙන බවත් මේ වසරේ දී රජය අපිට ලබාදීලා තියෙන ආදායම් ඉලක්කය බිලියන 2115ක් (ට්‍රිලියන 2.115)ක් බවත් ඔහු පෙන්වා දුන්නේය. 

ඒ අනුව රේගුවට මේ වනවිට හිමිවෙලා තිබෙන ආදායම අනුව එම ඉලක්කය පසුකර යෑමට හැකිවනු ඇතැයි ද ඔහු වැඩිදුරටත් පැවසීය.