Thursday, July 03, 2025
Follow Us
ජාතික ළමා ආරක්ෂණ ප්‍රතිපත්තිය සඳහා වන පස් අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්මක්

ජාතික ප්‍රතිපත්ති රාමුවෙහි "සුරක්ෂිත ළමා ලෝකයක් - නිර්මාණශීලී අනාගත පරපුරක්" සඳහා වූ ප්‍රතිපත්තිමය බැඳියාවන්ට සියලු ආකාරයෙන් අනුගත වන පරිදි බහුආංශික ප්‍රවේශයකින් සමන්විතව මෙම පස් අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්මට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනතේ විධිවිධාන පරිදි සකස් කරන ලද "ළමා ආරක්ෂණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය" සඳහා 2019‑10‑29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී තිබේ. එම ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම සඳහා ළමා ආරක්ෂණය හා සම්බන්ධ විෂය ක්ෂේත්‍ර දහයක් (10) ආවරණය වන සේ ඒ වෙනුවෙන් කටයුතු කරනු ලබන පාර්ශ්වයන්ගේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගෙන "ජාතික ළමා ආරක්ෂණ ප්‍රතිපත්තිය සඳහා වන පස් අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්ම" සකස් කරනු ලැබ ඇත.