Monday, April 29, 2024
Follow Us
‘යහපත් සෞඛ්‍යය සහ යහපැවැත්ම’ පිළිබඳ තිරසාර සංවර්ධන මෙහෙයුම් කමිටුව රැස් වෙයි
තිරසාර සංවර්ධන අභිමතාර්ථ අංක 03 පිළිබඳ මෙහෙයුම් කමිටුවේ ‘යහපත් සෞඛ්යය සහ යහපැවැත්ම’ පිළිබඳ රැස්වීමක් සෞඛ්ය අමාත්යාංශයේ දී පසුගියදා පැවැත්වුණු අතර, සෞඛ්ය අමාත්යාංශයේ ලේකම් වෛද්ය පාලිත මහීපාල මහතාගේ ප්රධානත්වයෙන් එය පැවැත්විණි. තිරසර සංවර්ධන සභාවේ අධ්යක්ෂ ජනරාල් චමින්ද්රි සපරමාදු මහත්මිය සහ සෞඛ්ය අමාත්යාංශයේ ජ්යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පවුල් සෞඛ්ය කාර්යාංශය, වසංගත රෝග විද්යා අංශය, මානසික සෞඛ්ය ඒකකය, බෝ නොවන රෝග (NCD) ඒකකය, ඩෙංගු මර්දන ඒකකය, ජාතික ලිංගාශ්රිත රෝග/ඒඩ්ස් පාලන වැඩසටහන ආදිය නියෝජනය කරමින් නිලධාරීන් මේ සඳහා සහභාගි විය.

 තිරසර සංවර්ධන අභිමතාර්ථ අංක 03 ක්රියාත්මක කිරීමේ ප්රගතිය සමාලෝචනය කිරීම සහ තිරසර සංවර්ධන අභිමතාර්ථ 03 සපුරා ගැනීම සඳහා සෞඛ්ය ක්ෂේත්රයේ අවශ්ය ප්රතිසංස්කරණ, ප්රතිපත්ති සහ පරිපාලන මැදිහත්වීම් පිළිබඳව සාකච්ඡා කිරීම මෙන්ම තිරසර සංවර්ධන අභිමතාර්ථ අංක 03 හි ප්රගතිය නිරීක්ෂණය කිරීම සඳහා කාලෝචිත දත්ත සම්පාදනය කිරීම පිළිබඳව මෙම රැස්වීමේදී අවධානය යොමු විය. මෑත වසරවල මාතෘ හා ළමා මරණ අනුපාතිකය ඉහළ යාම සම්බන්ධයෙන් වත්මන් අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා අවශ්ය උපාය මාර්ග සහ හදිසි ක්රියාමාර්ග කෙරෙහි විශේෂ අවධානය යොමු විය.

සෞඛ්ය අමාත්යාංශය විසින් ආයතනගත කරන ලද මෙහෙයුම් කමිටු ව්යුහය, තිරසර සංවර්ධන අභිමතාර්ථ වල ප්රගති අධීක්ෂණය සහ විශේෂිත තිරසර සංවර්ධන අභිමතාර්ථයන්හි හිමිකාරිත්වය සහ වගකීම් සෞඛ්ය අමාත්යාංශය විසින් ඔවුන්ගේ පුළුල් විධානයන්ට අනුකූලව ලබා ගැනීම සඳහා වූ ඵලදායී යාන්ත්රණයකි.