Wednesday, May 01, 2024
Follow Us
තාරා යුවළයි හැඩ වැඩ බොහොමයි

පුංචි දරුවන් ඉන්න නිවෙස් වැඩිපුරම සැරසෙන්නේ ලස්සන සත්තව රූප, මල් පොකුරු වගේ නිර්මාණවලිනි. කතිර මැස්මෙන් හැඩ කළ මේ අපූරු තාර ජෝඩුවකි. පුංචි පුතුගේ කාමරය හැඩ කරන්න කදිමයි. මනා ඉවසීමෙන් හා සංයමයෙන් යුතුව මසා ගන්නේ නම් ඔබටත් මෙවැනි ම නිර්මාණයක හිමිකාරණිය වන්නට පුළුවනි.

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය
  

අඟලට කොටු 11 හෝ 14 සුදු පැහැති අයිඩා රෙදි කොටසක්

නොම්බර 24 හෝ 26 ටැපැස්ට්‍රි ඉදිකටු

රාමුවක්

කතුරක්

නිර්මාණය කිරීම
  

මෙය අඟල් 24.13 x 28.85 ප්‍රමාණයේ නිර්මාණයකි. අඟලට කොටු 11 රෙද්ද භාවිත කරන්නේ නම් නිර්මාණය තරමක් විශාල වේ. එමෙන්ම ඒ සඳහා නූල් පොටවල් තුනක් භාවිත කළ යුතුය. මෙම නිර්මාණය සඳහා අඟලට කොටු 14 හා පොටවල් 2 යොදා ගෙන ඇත. එමෙන්ම නිර්මාණ රාමුකර ගැනීමට අවශ්‍ය ලෙස ඉඩ තබා රෙදි කැබැල්ලක් කපාගත යුතුය. ඒ සඳහා හතර පැත්තෙන්ම අඟල් දෙක බැගින් හෝ අඟල් තුන බැගින් තබා ගන්න. අඟල් දහයෙන් දහයට නූල් ඇඳගැනීම මඟින් මෝස්තර මැසීම පහසුවෙන්ම කරගත හැකියි. වෙළඳපොළේ air issabel නමින් පෑනක් ඇත. එය මඟින් ද රෙද්දේ කොටු ඇඳ ගත හැකියි. එය පැය විසි හතරක් වැනි කාලයක් හි මැකී යයි. ඔබ කිසිවිටෙකත් කොටු වෙන්කිරීමට පෑනක් හෝ පැන්සලක් භාවිත නොකරන්න. මෙම නිර්මාණය සම්පූර්ණ කතිර මැස්මෙන් මසා ඇති අතර සමහර කොටස්වලට ආපසු මැස්මෙන් මැසීම කර ඇත. ඒවා සංකේත මඟින් අප ලබාදී තිබේ.

 

Tharunie