Wednesday, May 01, 2024
Follow Us
තිත් වැටිච්ච පුංචි මුවෙක් මං

පුංචි පුංචි තිත් වැටිච්ච පුංචි මුවෙක් මං. සිවුපා ලෝකයේ අහිංසක මුව පැටවුන්ට කවුද අකමැති?

පුංචි පුතාලා නම් ගොඩක්ම කැමති වෙයි. ඉතින් මේ කතිර නිර්මාණය ඔබට ඔබේ පුංචි පුතාගේ නිදන කාමරයේ බිත්තිය සරසන්න කදිමට ගැළපේවි.

ඒ විතරක් නෙවෙයි මෙවැනි නිර්මාණ කිහිපයක් එකතුකර ගනිමින් පුංචි ස්වයං රැකියාවක් වුව ආරම්භ කළ හැකියි.

එසේනම් අපි බලමු කොහොමද මේ කතිර රටාව මසා ගන්නේ කියලා.

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

අඟලට කොටු 10,11ක් හෝ 14ක් ඇති සුදු පැහැති අයිඩා රෙදි

නොම්බර 24 සිට නොම්බර26

ටැපැස්ට්‍රි ඉදිකටු

අවශ්‍ය වර්ණවල කැරලි නූල්

ඉදිකටු

කතුරක්

නිර්මාණය කිරීම

මෙය අඟලට කොටු 14ක් අයිඩා රෙද්ද භාවිත කරන්නේ නම් සෙන්ටිමීටර 35.84 × 27.21 ප්‍රමාණයට ද අඟලට කොටු16 ප්‍රමාණයේ අයිඩා රෙද්ද භාවිත කරන්නේ නම් සෙන්ටිමීටර 28.73 × 23.81 ප්‍රමාණයට ද අඟලට කොටු 16 ඇති අයිඩා රෙද්ද භාවිත කරන්නේ නම් සෙන්ටිමීටර 25.54 × 21.17 ප්‍රමාණයට නිර්මාණය ගන්න. ඔබ අඟලට කොටු 10ක් හෝ 11ක් ඇති රෙදි භාවිත කරන්නේ නම් නිර්මාණයේ ප්‍රමාණය තව විශාල වේ. එබැවින් රෙද්දේ ඇති අඟලට කොටු ප්‍රමාණය අනුව නිර්මාණයේ ප්‍රමාණය වෙනස් වේ. කොටු ගණන්කර මසන්න. නැතිනම් නිර්මාණය හරි මැද සිට මැසීම අරඹන්න. (රෙද්දේ අඟලට) ඇති කොටු ප්‍රමාණය අනුව භාවිත කළ යුතු නූල් පොටවල් ප්‍රමාණය වෙනස් වේ. අඟලට කොටු 14ක් නම් නූල් පොටවල් 2ක් සෑහේ. අඟලට කොටු 11 නම් නූල් පොටවල් 3ක් භාවිත කරන්න

 

-Tharunie