Wednesday, May 01, 2024
Follow Us
පේපර් ක්වීලින් ක්‍රමයට වින්ටේජ් නිවෙසක්

මෙහිදී පින්තූරයේ වර්ණම භාවිත කළ යුතු නැත. ගැළපෙන ආකාරයට වෙනත් වර්ණවල පටි භාවිතකර අවසන් කරගන්නත් පුළුවනි.

කාන්තා ඔබේ දෑත් නිර්මාණශීලි ය. ඒ නිර්මාණශීලීත්වය ඔප්නංවන්නට අදත් අපි ඔබට අත්කම් නිර්මාණයක් ගෙන එනවා. ඉතින් ඔබේ නිවෙසට එන අමුත්තන්ගේ දෑස් පිනවීමට ඔබ අතින්ම කළ නිර්මාණයක් නිවෙසෙහි එල්ලා තිබෙන්නට හැකි නම් එය කෙතරම් අගනේ ද?

පේපර් ක්විලින් ක්‍රමයට සකසන මේ නිර්මාණය නිවෙසේ ඉදිරිපස දොරටුව අලංකාර කරන්න වගේම නිවෙස ඇතුළත සරසන්නත් කදිමයි.

පේපර් ශේඩරය

වර්ණ A4 කොළ

ක්විලින් ටූල් එක

ගම්

මවුන්ට් ටේප්

කාඩ් බෝඩ්

කතුරක්

A3 බෝඩ් එකක්

පළමුව A3 බෝඩ් එක ගෙන එහි පින්සලක් ආධාරයෙන් රූපයේ පෙන්වා ඇති පරිදි එහි දළ සටහනක් ඇඳ ගන්න. ඉන්පසු එහි උඩ කොටස සකස්කර ගැනීම සඳහා අවශ්‍ය වර්ණ භාවිතකර පටි කපා පෙනෙන පරිදි ත්‍රිකෝණ හැඩය එන ලෙස අලවා ගන්න. පසුව අඟල් 3ක් පමණ පළල සහ දිග ත්‍රිකෝණ කොටසෙහි දිග බෝඩ් කොටස් දෙකක් කපා එහි දෙපැත්තට වහලය පෙන්වීම සඳහා උඩට සිටින සේ අලවා ගන්න.  අලවා ගැනීමට පෙර එහි පෙනෙන ආකාරයට පටි කපා අලවා කළු පෑනකින් ඉරි ඇඳීම කරගන්න.

පසුව වහලයේ කැටයම් ඉස්මතුකර පෙන්වීම සඳහා අඟල් 1/8 පටි කීපයක් එකට තබා මෙහි පෙනෙන ආකාරයට අතින් හැඩකර නමා සකසා අලවා ගන්න. එහි මැද ජනෙල් පෙන්වීම සඳහා රූපයේ පෙනෙන පරිදි  අඟල් 1/8 පටිවලින් හැඩතල නිර්මාණයකර මවුන්ට් ටේප්

අලවා ඒ මත ත්‍රිමාණ හැඩය පෙනෙන පරිදි අලවා ගන්න. එහි උඩ පෙනෙන කැටයම් ද එවැනිම ආකාරයට හැඩකර අලවා ගන්න.

පහත කොටසෙහි ද ජනෙල් පෙනෙන ලෙස සකසා අලවා ගන්න. එම කොටසෙහි වහලය ද කලින් පරිදිම සකසා ගන්න. එහි බැල්කනිය පෙන්වීම සඳහා ද  අඟල් 1/8 පටි කීපයක් එකට තබා අලවා සකසා ගන්න. සෑම ජනේලයක්ම සකස්කර ගැනීමේදී උඩ අතට හැඩකර පටි අලවා ගන්න.

මෙහි පඩිපෙළ සකසා ගැනීම සඳහා අඟල් 1/8 පටි කීපයක් එකට තබා අලවා සෘජුකෝණාස්‍ර හැඩය අතින් සකසා ත්‍රිමාණ අලවා ගන්න. පින්තූරයේ පෙනෙන ආකාරයට අවශ්‍ය වර්ණවලින් මකීස් හැඩතල නිර්මාණයකර අවශ්‍ය පරිදි අතින් හැඩකර අවශ්‍ය ලෙස පඩිපෙළ දෙපසට සහ වටේට අලවා ගන්න. අවසානයේ පඩිපෙළ දෙපසට අලවා ගත් මකීස් හැඩතල මත පොඩි මල් නිර්මාණය කර ඒ මත අලවා ගන්න. මෙහිදී පින්තූරයේ වර්ණම භාවිත කළ යුතු නැත. ගැළපෙන ආකාරයට වෙනත් වර්ණවල පටි භාවිත කර අවසන් කරගන්නත් පුළුවනි.

 

-Tharunie