Wednesday, May 01, 2024
Follow Us
පුංචි පුතාට බතික් කමිසයක්

පුංචි පුතා ඇඳන් ඉන්නේ අපූරු බතික් ෂ‍ර්ට් එකකි. බතික් ඇඳුමක් දකිද්දී මතක් වෙන්නේ සිංහල අලුත් අවුරුද්දයි. ඒත් ඉතින් එහෙම කියලා දැන් කාලේ විශේෂ වන්නෙත් නැහැනෙ. මේ දවස් වල බතික් වලට වැඩි ඉල්ලුමක් තියෙන නිසා ඔබටත් බතික් රෙද්දක් මිලදී ගෙන ඔබේ පුංචි පුතාට මේ විදිහට බතික් ෂර්ට් එකක් මසාදෙන්න පුළුවන්.

ඒ විතරක් නෙමේ ගෙදර සියලුම දෙනාට එකම රෙදි වර්ගයකින් එකම තේමාවකට ඇඳුම් මසා දෙන්න පුළුවන්.

සඳහා අවශ්‍ය මිමි මොනවද කියල බලන්නකෝ,

*උරහිස අඟල් 12

* කරවට අඟල් 11

*උස අඟල් 18

* පපුවවට අඟල් 25

*අත උස අඟල් 5

*කැප් උස අඟල් 2 1/2

*පතරොමේ අත්කට අඟල් 7

ඔන්න එහෙනම් අපි මෙන්න මේ විදියට කපාගෙන මසමු.

ඇඳුම් නිර්මාණය කිරිමේදි සාමාන්‍ය ඇඳුම් අතරින් ෂර්ට් එකක් කැපීමට වඩා මැසිම ක්‍රමවත් විය යුතුයි .ෂර්ට් එකක වැදගත්ම වන්නේ මැසීමේ පියවරයි.

ෂ්ර්ට් සඳහා ඔබට ගැළපෙන රෙදි වර්ගයක් තෝරා ගැනිමට හැකියාව ඇත.

ෂර්ට් එකේ ඉදිරිපස පතරොම සඳහා ඔබ තෝරාගත් රෙදිකොටස නවා බලවාටියට තබා ගන්න. බලවාටියෙ සිට අගල් 2ක් තබා නැම්මට තබා නැම්ම ට අඳින්න. ඉහලින් හරහට රෙඛාවක් අඳින්න. එය උරහිස රෙඛාවයි. උරහිස මිම්ම දෙකට බෙදා එම පිළිතුරට මැහුම්වාසි අඟල් 1/2 ක් එකතුකර උරහිස රේඛාවේ හරහට ලකුණු කරන්න.එය AB වෙ. B සිට අඟල් 1 1/4 ක් පහත් කර A ලක්ෂයට යා කරන්න. එය AC වේ.

කරවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AD වේ. එම පිළිතුරෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය AC රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AE වේ. DE යාකර මුලික කර අදින්න.

E සිට පහතට උස පහත් කර හරහට රේඛා අඳින්න.

අත්කට රේඛාවට උස සෙවීම සඳහා පපුවවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න.එය AF වේ. හරහට රේඛාවක් අඳින්න. එය අත්කට රේඛාව යි.

අත්කට රේඛාවට දිග ලකුණු කිරීම සඳහා පපුවවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට මැහුම්වාසි හා බුරුල සඳහා එකතු කර අත්කට රේඛාවේ හරහට ලකුණු කරන්න. එය FG වේ.

G සිට වාටිය රේඛාවට කෙලින් ඉරක් අඳින්න.එය GI වේ. GI රේඛාවේ මැද ගෙන අගල් 1/2 හැඩකර අඳින්න.

අත්කට වක්‍රය ඇදිම සදහා C සිට අත්කට රේඛාවට කෙලින් ඉරක් ඇද එම රේඛාවේ මැද ලක්ෂයය ලකුණු කරන්න. උරහිස මිම්මෙන් අඟල් 1/2 අඩුකර ඉතිරි ප්‍රමාණය නැම්මෙ සිට මැද ලක්ෂය දෙසට ලකුණු කරන්න. C සිට එම ලක්ෂය කැපීයන සේ රේඛාවක් ඇද අත්කට වක්‍රය අඳින්න.

පසුපස

ඉදිරිපස විවරය සහිත නිසා පසුපස පතරොම නැම්මට තබාගන්න. ඉදිරිපස පතරොම නැම්මෙ සිට අඟල් 1/2 ක් අඩුවෙන් තබා ගන්න. ඉදිරිපස උරහිස ට සමාන්තරව අඟල් 1 1/2 ක් උසින් වැඩිකරන්න. පසුපස කර ගැඹුර අඟල් 1 1/2ක් පහත්කර කර අඳින්න.

පසුපසට යෝක් එකක් තබා මසන්නේ නම් එය වෙනම කපා මසාගත යුතුයි.

අත

අත සඳහා රෙදි කොටස ගෙන නැම්මට තබා ගන්න. ඉහළින් රේඛාවක් අඳින්න. නැම්මෙ උඩ සිට පහතට කැප් උස පහත් කරන්න. එය AB වේ .හරහට රේඛාව අඳින්න. A සිට පහතට උස පහත්කන්න.එය AC වේ. හරහට රේඛාව අඳින්න. එය වාටිය නැම්ම රේඛාව යි.

වාටිය රේඛාව සදහා මැහුම්වාසි තබා වාටිය රේඛාව අඳින්න. පතරොමේ අත්කට ප්‍රමාණය A සිට හැඩේට ලකුණු කරන්න. එය AD වේ. එම රේඛාවේ මැද ලක්ෂය ලකුණු කර අත්කට වක්‍රය අදින්න .

D සිට වාටිය රේඛාවට කෙලින් ඉරක් ඇද අඟල් 1ක් හෝ 1 1/2 ක් ඇතුළට කර අඳින්න. එය DF වේ.

 

-Tharunie