Wednesday, May 01, 2024
Follow Us
උරපටි සහිත ප්‍රින්සස් ලයින් ගවුමක්

සරල බවට පහසුවට වටිනාකමක් දෙමින් අඳින පලඳින ඔබට කියාපු ගවුමකි. මේ ගවුම මසා ගැනීමට තෝරා ගන්නා රෙද්දේ වර්ගය අනුව ඕනෑම අවස්ථාවක් සඳහා ගළපා ගත හැකියි.

විශේෂයෙන් මේ දවස්වල කාන්තා ඔබ ගවුමින් හැඩ වන්නට වැඩි රුචිකත්වයක් දක්වනවා. ඔබේ සිතැඟි තේරුම් ගනිමින් ඒ සඳහා ලබා දෙන අපූරු තිළිණයකි මේ. ඔබත් ඔබේම දෑතින් මේ ගවුම මසා ගැනීමට උත්සාහ ගන්න.

උරහිස අඟල් 15

කරවට අඟල් 13

පපුව දක්වා උස අඟල් 10

ඉණ දක්වා උස අඟල් 15

පපුවවට අඟල් 37

ඉණවට අඟල් 31

ඔපනැලි අතර පළල අඟල් 7

කර ගැඹුර අඟල් 7

සාය උස අඟල් 38

ඉණවට අඟල් 31

 

අත් රහිතව මසා ඇති මේ ගවුම් නිර්මාණය සඳහා සුදුසු රෙදි වර්ගයක් තොරා ගන්න පුළුවන්. බ්ලව්සය හා සාය කොටස වෙන වෙනම කපා ඇත.

ඉදිරිපස පළුව සාදා ගැනිම සඳහා බලවාටියට තබා ගන්න. බලවාටියෙ සිට අඟල් 2ක් ලකුණු කර දෙවන රේඛාව අඳින්න. ඉහළින් හරහට රෙඛාවක් අඳින්න එය උරහිස රේඛාවයි. උරහිස මිම්ම දෙකට බෙදා එම පිළිතුරට මැහුම්වාසි අඟල් 1/2 ක් එකතුකර උරහිස රේඛාවේ හරහට ලකුණු කරන්න.එය AB වෙ. B සිට අඟල් 1 3/4ක් පහත් කර A ලක්ෂ්‍යයට යා කරන්න. එය AC වේ.

කරවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AD වේ.එම පිළිතුරෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය AC රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AE වේ. DE යා කර මූලික කර අඳින්න.

E සිට පහතට පපුව දක්වා උස හා ඉණ දක්වා උස පහත් කර හරහට රේඛා අඳින්න.

අත්කට රෙඛාවට උස සෙවීම සඳහා උරහිස් ප්‍රමාණය දෙකෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AF වේ. හරහට රේඛාවක් අඳින්න. එය අත්කට රේඛාව යි.

අත්කට රේඛාවට දිග ලකුණු කිරීම සඳහා පපුව වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට මැහුම්වාසි එකතු කර අත්කට රේඛාවේ හරහට ලකුණු කරන්න. එය FG වේ.

ඉණවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට ඩාට් සඳහා හා මැහුම්වාසි එකතු කර ඉණ රේඛාවේ හරහට ලකුණු කරන්න.එය HI වේ.

GI යා කර අංශය අඳින්න.

අත්කට වක්‍රය ඇඳිම සඳහා C සිට අත්කට රේඛාවට කෙලින් ඉරක් ඇඳ එම රේඛාවේ මැද ලක්ෂය්‍ය ලකුණු කරන්න. උරහිස මිම්මෙන් අඟල් 1/2 අඩුකර ඉතිරි ප්‍රමාණය නැම්මෙ සිට මැද ලක්ෂය දෙසට ලකුණු කරන්න. C සිට එම ලක්ෂ්‍යය කැපියන සේ රේඛාවක් ඇඳ අත්කට වක්‍රය අදින්න.

කර ගැඹුර පහත්කර රූපසටහනේ පරිදි කර අදින්න.

ඔපනැළි අතර පළල දෙකට බෙදා එම පිළිතුර පපුව රේඛාවේ හරහට ලකුණු කරන්න. එය JK වේ. k සිට ඉණ රේඛාවට කෙළින් ඉරක් අදින්න. එය KL වේ. ඩාට් පළල දෙකට බෙදා එම පිලිතුර L සිට දෙපසට ලකුණු කර K ට යා කරන්න. k සිට අත්කට මැදට ප්‍රින්සස්ලයින් හැඩය අඳින්න.

පසුපස

ඉදිරිපස විවරය සහිත නිසා පසුපස පතරොම නැම්මට තබාගන්න. ඉදිරිපස පතරොම නැම්මෙ සිට අඟල් 1/2 ක් අඩුවෙන් තබා ගන්න. පසුපස කර ගැඹුර පහත්කර රූපසටහනේ පරිදි අඳින්න.

උරහිසට උරපටි භාවිත කර ඇති අතර එම පටි වෙනම කපා මසා අල්ලා ගන්න.

සාය

සාය සඳහා රැලි සාය හෝ ෆ්ලෙයාඩ් සාය භාවිත කළ හැකිය.

රැලි සාය සඳහා ඉණවට ප්‍රමාණය ට වඩා රැලි සඳහා අවශ්‍ය ඉඩ තබා පළල ගන්න. අවශ්‍ය උසට මැහුම්වාසි එකතුකර උස ගන්න.

මෙන්න මෙහෙම මසා ගන්න මුලින්ම,

* ප්‍රින්සස්ලයින් එක මසාගන්න

* කර පයිපින් කරන්න එලෙස කර මැසිමේදි උරපටියද තබා ගන්න

* සාය රැලිකර අල්ලා ගන්න

* අංශය මසා වාටිය මසන්න.

Tharunie