Friday, March 29, 2024
Follow Us
පුංචි දෝණිට වූල් ගවුමක්

ගෙදර සිඟිත්තියක් ඉන්නවා කියන්නේ මුළු පවුලටම සිරියාවක්.

පුංචි බෝනික්කියක් වගේ ලස්සනට ඉන්න ළදැරිය වෙනුවෙන් සැහැල්ලු, ලස්සන ගවුම් පොඩිති මසා දෙන්න අම්මාත් බොහොම උනන්දුයි. ඒ නිසාම අපි මාස හයට වැඩි දියණියන්ට ගැළපෙන වූල් ගවුමක් මෙලෙස තිළිණ කරන්නෙමු.51 0

අවශ්‍ය ද්‍රව්‍ය

රතු වූල් 4ක්

රෝස වූල් 1ක්

සුදු  වූල් 1ක්

බොත්තම් 2ක්

රිබන් කැබැල්ලක් මිලි මීටර් 3.5 ප්‍රමාණයේ ගෙතුම් කටුවක්

නිර්මාණය කරන ආකාරය

පළමුව 1 රූපයේ දැක්වෙන පරිදි දම්වැල් 60ක් ගොතා ගන්න.

ඉන්පසු 2 රූපයේ පෙනෙන ආකාරයට ගවුමේ කර සකස්කර ගැනීම සඳහා පළමු පේළිය එක බැගින් දෙපට පිරවුමෙන් ද දෙවැනි පේළිය එක දෙක රටාවට දෙපට පිරවුමෙන් ද ගොතන්න.

දැන් ගවුමේ උඩ කොටස ගොතා ගත යුතුයි. ඒ සඳහා 3 රූපයේ පරිදි එක බැගින් දෙපට පිරවුමෙන් පේළි 2ක් ගොතා රෝස පාට නූල අමුණා එක දෙක රටාවට දෙපට පිරවුමෙන් එක පේළියක් ගොතන්න. නැවත සුදු පාට නූල අමුණා එක බැගින් දෙපට පිරවුමෙන් එක පේළියක් ද ගොතන්න. නැවත රතු නූලෙන් එක බැගින් පේලි 2ක්, එක දෙක රටාවෙන් එක පේළියක් ගොතන්න.

4 රූපයේ දැක්වෙන පරිදි මෙම ගෙතුමේ දෙකොන එහි හරි මැදට තබා නවා ගන්න. එහි උරහිසේ අත අග සිට පහලට අඟල් 4ක් බැගින් මැන දෙපසෙහිම සලකුණු කරගන්න.

මීළඟ පේළිය දෙපට පිරවුමෙන් එක බැගින් ගෙතිය යුතු අතර, එහිදී සලකුණු කළ ස්ථානවලින් මූට්ටු කර ගත යුතුයි. ඉන්පසු ගවුමේ කර පියවුම ළඟින් ද මූට්ටුකර සාය කොටස සඳහා සම්පූර්ණ රවුමක් සකසා ගන්න.

දැන් 5 රූපයේ පරිදි මීළඟ කොටසට, දම්වැල් තුනක් ගොතා පේළිය අරඹන්න. ඉන්පසු සිදුරු දෙකක් හැර තුන්වැනි සිදුරට පිරවුම් දෙකක්, නැවත දම්වැලක්, තවත් පිරවුම් දෙකක්, දම්වැලක් ලෙස රටාව සකසා පේළිය ගොතා ගන්න. මෙහි ඊළඟ පේළිය, ගෙතුමෙහි මැද ඇති දම්වැල් සිදුරෙන් ගොතන්න. මේ ආකාරයටම ඉදිරියට ගොතන්න. මෙම රටාවෙන් පේළි 8ක් රතු නූලෙන් ද, පේළි 2ක් රෝස පාටින් ද පේළි 2ක් සුදු පාටින් ද ගොතන්න.

6 රූපයේ පරිදි මීළඟ පේළියට දෙපට පිරවුම් තුනක්, දම්වැල්, දෙපට පිරවුම් තුනක් ලෙස රටාවට ගොතන්න. එලෙස රතු පේළියක් සහ රෝස පේළියක් ගොතන්න. අවසාන පේළිය සඳහා ඉහත රටාවටම පිරවුම් හතරක්, දම්වැලක්, පිරවුමක් ලෙස ගොතන්න.

ඉන්පසු 7 රූපයේ දැක්වෙන ආකාරයට ගවුම් කරට බොත්තම් දෙක සහ ගවුමේ ඉදිරිපසට රිබන් බෝ එක අල්ලගන්න.

 

50 1