Friday, March 29, 2024
Follow Us
උත්සව සමයට අලුත්ම ගවුමක්

අලුත් ඇඳුම් අඳින්න අපි හැමෝම දක්වන්නේ පුදුම කැමැත්තක්. ඒ වුණත් මේ පවතින ආර්ථික රටාව ඒ කැමැත්තට හරස් කපනවා වෙන්න පුළුවන්.

හැමදාම ඔබට ළැබැඳි තරුණී නිරතුරුවම අලුත් වන විලාසිතා ඔබට ගෙන ඒමට සූදානම්. ඔබේ දෑතින්ම මසාගත් මේ නැවුම් චාම් විලාසිතාව උත්සව අවස්ථාවන්ට කදිමට ගැළපෙන විලාසිතාවක් බවත් කිව යුතුමයි. මෙවැනි ඇඳුමක් ඔබ විසින්ම නිර්මාණය කර ගැනීම හරහා අලංකාරය මෙන්ම ඔබ පිළිබඳ අභිමානයද ගොඩනගා ගන්න පුළුවන්.

 

මේ අලංකාර ඇඳුම හරියටම මසන්නේ කොහොමදැයි අපි දැන් බලමු.

 

අවශ්‍ය මිමි -

උරහිස, පපුවට, ඉණ දක්වා උස, ඉණ වට, සායේ උස.

 

මිමි සැකසීම -

උරහිස දෙකෙන් බෙදන්න. පපුවට හතරෙන් බෙදා එයට අඟල් 1ක් එකතු කරන්න. ඉණ දක්වා උසට අඟල් 1ක් එකතු කරන්න. ඉණවට හතරෙන් බෙදා සායේ උසට අඟල් 1ක් එකතු කරන්න.

 

රෙදි කපා ගැනීම -

මෙම ගවුම සඳහා අඟල් 45 පළලින් යාර 3ක රෙදි ප්‍රමාණවත් වේ. ඔබ ගන්නා උස අනුව රෙදි ප්‍රමාණයන් වෙනස් වේ.

ඡායාරූපයේ පරිදි ගවුමේ ඉණට රැලි දැමීමට අවශ්‍ය බැවින් කඩදාසියක් මත මෙම පතරොම ප්‍රථමයෙන් ඇඳගන්න.

කඩදාසිය දෙකට නමා එම නැම්මේ මුදුනේ සිට හරහට A සිට b දක්වා උරහිස දෙකෙන් බෙදා ලකුණු කරන්න. එතැන් සිට පහළට අඟල් 1 1/2 පහත් කර A දක්වා යා කර උරහිස ඇඳගන්න.

A සිට පහළට අඟල් 7 1/2ක් පහත් කර C ලකුණු කරන්න. D දක්වා යා කර පපුවේ රේඛාව ඇඳ එහි පපුවට හතරෙන් බෙදා එයට අඟල් 1ක් ලකුණු කර රූප සටහනේ පෙනෙන ලෙස අත් කට හැඩය ඇඳගන්න.

 

කර පළල අඟල් 3 1/2 ද කර ගැඹුර අඟල් 6ක් ද ගෙන කර හැඩය රවුම් වන ලෙස ඇඳගන්න. එය අවශ්‍ය පරිදි අඩු වැඩි කර ගැනීමට හැකිය.

 

කර පළලේ සිට ඉණ දක්වා උස ලකුණු කර එයට අඟල් 1ක් එකතු කර ලකුණු කරන්න. එහි කර E සිට F දක්වා ඉණ රේඛාව ඇඳ එහි ඉණ හතරෙන් බෙදා එයට අඟල් 1ක් එකතු කර ලකුණු කර D හා F යා කරමින් අංශය ඇඳගන්න. මෙසේ 1 රූප සටහනේ පෙනෙන ලෙස පතරොම ඇඳ කර වෙන් කරගන්න.

 

2 රූප සටහනේ පෙනෙන ලෙස අංශය හා කර යා කරමින් එක් කොටසක් ඉවත් කරගන්න. ඉණ සිට ඉහළට අඟල් 3ක් ඔසවා එම කොටසද ඉවත් කරගන්න.

එසේ වෙන් කර ගත් පසු පතරොම ඉණෙන් සමානව කොටස් 3ක් වන ලෙස අඟල් 4ක් ඉහළට වන ලෙස කපාගන්න. එම පතරොම රෙද්ද මත තබා 3 වැනි රූප සටහනේ පෙනන ලෙස අඟල් 1ක් ඈත් වන ලෙස තබා කපාගන්න. එවිට ඉණ විශාල වන ප්‍රමාණය රැලි සඳහා එකතු කරගන්න.

සාදාගත් ඉදිරිපස කොටස පසු පස සඳහා උරහිස දෙපසින් අඟල් එක බැගින් ඉහළට උස්සා එහි හැඩය එසේම ඇඳගන්න. පසුපස මැදට මූට්ටුවක් වන ලෙස හෝ නැම්මට කපා මසා ගැනීමට හැකියි.

 

2 වන රූපසටහනේ පහළින් කැපූ අඟල් 3 කොටස රෙද්ද මත තබා එහි ඉහළට හා පහළට අඟල් 1/2 බැගින් මැහුම් වාසි තබාගන්න.

 

ඇඳුමේ ඉහළ කොටසේ ඉණ වටය මැන සාය සැකසීමේදී -

 

සකසා ගත් ඉහළ කඳ කොටසේ ඉණවටය මැනයන්න. එය හතරෙන් බෙදා අඟල් 1 මැහුම් වාසි එකතු කරගන්න.

 

සාය සඳහා ගන්නා රෙදි කොටස හරි මැදින් දෙකට නමන්න. රෙද්ද ත්‍රිකෝණාකාරව නම් එම මුදුනේ සිට පහළට ඉණ හතරෙන් බෙදා එයට අඟල් 1ක් එකතු කර පහළට සායේ උස ගන්න. 6 වන රූප සටහනේ පෙනෙන ලෙස සාය කොටස කපාගන්න.

සායේ උස ද අවශ්‍ය පරිදි අඩු වැඩි කර ගැනීමට හැකිය.

 

මසා ගැනීමේදී -

ප්‍රථමයෙන් උරහිස මූට්ටු කර ඡායාරූපයේ පෙනෙන ලෙස කරට රැලි පටියක් අල්ලා ගන්න. අත් කට වටේට එසේම අල්ලා ගන්න.

 

3 වන රූපයේ පෙනෙන රැලි සඳහා පහළ වාසිය ඉණට රැලි තබා ඉවත් කර 5 වන රූපයේ පෙනෙන ඉහළට හා පහළට මැහුම් වාසි තැබූ කොටස රැලි තබා ගත් පසු 5 වන කොටස අල්ලා ගන්න. ඉන් පසුව ඉණට සාය අල්ලා ගන්න.

රූප සටහන හා ඡායාරූපය දෙස හොඳින් බැලීමෙන් වඩාත් පැහැදිලි වේ.

උපදෙස් -

ප්‍රවීණ මැහුම් හා රූපලාවණ්‍ය උපදේශිකා

කාන්ති බණ්ඩාරනායක

Tharunie