Friday, March 13, 2026
Follow Us
කඩදාසි සැරසිලි

කඩදාසි මඟින් කපාගත් හෝලි කොළ, චෙරි ගෙඩි හා බැලුම් මඟින් සකසා ගත් මේ නිර්මාණ බිත්ති සරසන්නට කදිමයි. මේවා කුඩාවට සකසා ගැනීමෙන් තෑගි හැඩ කළ හැකියි. මුළුතැන් ගෙය, කෑම කාමරය, විසිත්ත කාමරය ආදියට මෙවැනි සරල නිර්මාණයක් එක්කර විශේෂත්වයක් ගෙන දිය හැකියි.

මේ සඳහා කොළ පාට ඒෆෝ කොළ, ග්ලිටර් පේපර්, ග්ලිටර් පෙන්, බැලුන්. ගම්, කතුර ආදිය අවශ්‍ය වේ. මෙහි දක්වා ඇති හැඩයට හෝලි කොළ ඔබ කැමැති ප්‍රමාණයට ඇඳගෙන කපාගන්න. රතු පැහැයෙන් චෙරි ගෙඩි කපාගන්න. කොළ මත නාරටි ග්ලිටර් පෙන් එකකින් ඇඳගන්න. බිත්තියේ රැඳවීමට නම් ලොකුවට කොළ කපා චෙරි ගෙඩි වෙනුවට රතු පාට බැලුම් යොදාගන්න.

(Tharunie)