Friday, May 03, 2024
Follow Us
කොරෝනා කාලයට ගැළපෙන ඉඟුරුවලින් අපූරු රසකැවිලි

දේශීය රසකාරක බෝග වගාව යටතේ ඉඟුරු වගාව පිළිබද බොහෝ තොරතුරු රැගෙන ආවා ඔබට මතක ඇති. ඉඟුරු සිටුවීම, රැකබලා ගැනීම, අස්වනු නෙළීම පමණක් නොව එම අස්වැන්න පිරිසුදු කර ඇසිරීම සහ ගබඩා කරන ආකාරය පිළිබඳවත් අප එහිදී කතාබහට ලක් කළා. ඊට අමතරව ඉඟුරු බෝගය භාවිත කරමින් විවිධ අතුරු නිෂ්පාදන කළ හැකි බවත්, ඒ ඇසුරෙන් හොඳ වෙළෙඳපොළක් නිර්මාණය කරගත හැකි ආකාරයත් අප ඔබට සඳහන් කළා.

මේ වසරේ මුල් කාර්තුවේ දී නෙළාගත් ඉඟුරු අස්වැන්නෙන් මව් බීජ සිටුවා ඉතිරිය ඔබ සතුව ඇති. විශේෂයෙන්ම මේ දිනවල පවත්නා වසංගත තත්ත්වය හමුවේ ප්‍රතිශක්තිය නංවන ඖෂධයක් වූ ඉඟුරුවලට හොඳ ඉල්ලුමක් ද පවතිනවා.

ඉතින් ඉතිරි වූ ඉඟුරු අස්වැන්න අපි ඵලදායිව භාවිත කරමු.

හැමදාමත් ඉඟුරු මිශ්‍ර තේ කෝප්පයකට පමණක් සීමා වූ ඔබේ ඉඟුරු භාවිතයෙන් මෙවැනි රසවත් කැවිලි පෙවිලි සැකසිය හැකියි නේද? සංචරණ සීමා නිසා නිවෙසට කොටු වී සිටින ඔබේ ආදරණීයන්ට එය කදිම තිළිණයක් වනු නොඅනුමානයි.

එමෙන්ම තරමක් වැඩිපුර තියෙන ඉඟුරු භාවිත කරලා ඔබට මේ ආහාර සකසා ගතහැකි නම් එය කදිම ස්වයං රැකියාවක් ද වේවි.

 

උපදෙස් -

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ, මාතලේ මධ්‍යම පර්යේෂණ මධ්‍යස්ථානයේ, පසු අස්වනු තාක්ෂණ අංශයේ, අංශ ප්‍රධානී, නියෝජ්‍ය අධ්‍යක්ෂ (පර්යේෂණ) තුෂාරි ලියනගේ

(Tharunie)