Friday, May 03, 2024
Follow Us
ඒ ෆෝ කොළ යොදා ගනිමින් සැකසූ පෑන් පැන්සල් රඳවනයක්

අවශ්‍ය ද්‍රව්‍ය

වර්ණ දෙකක ඒ ෆෝ කොළ හයක්

ගම්, කතුරක්

ඉවතලන සීඩී එකක් හෝ බෝඩ් කොටසක්

භාග පබළු

නිර්මාණය කිරීම

මෙම නිර්මාණය සාදා ගැනීම සඳහා පළමුව A4 කොළ හය ගෙන අඟල් 8x8 ප්‍රමාණයේ සමචතුරස්‍ර කපා ගන්න. දැන් ඡායාරුපවල පෙන්වා දී ඇති පරිදි අංක පිළිවෙළින් කොළ නැමීම සිදුකරන්න. එහිදී පළමුව අංක 1 ඡායාරූපයේ දැක්වෙන පරිදි අඟල් 8x8 කොටස හරි මැදින් දෙකට නමා නැම්ම සාදාගන්න. පසුව අංක 2 ඡායාරූපයේ දැක්වෙන පරිදි එක් පැත්තකින් ත්‍රිකෝණාකාරව කොටස් දෙකම ඇතුල් පැත්තට නමා නැමි සාදා ගන්න. දැන් නැවතත් යට කොටසෙහි ඉතිරි කොටසද ඇතුළට නමා ගන්න. පසුව වම් පැත්තේ කොටසෙහි ගම් ආලේපකර අලවා අනෙක් පැත්තෙහි කොටස ඇතුළට යවා ත්‍රිකෝණාකාරව සකසා ගන්න. මෙවැනි කොටස් හයක් මෙම නිර්මාණය සඳහා අවශ්‍ය වෙයි.

ඉන්පසු සාදාගත් කොටස් හය වටේට තබමින් ගම් ආලේපකර අලවා ගන්න. (ෂඩාස්‍රයක් සෑදෙන ආකාරයට) යට අඩිය සඳහා ඉවතලන සී ඩී එකක් හෝ කාඩ්බෝඩ් කොටසක් අලවා ගන්න.

මෙම නිර්මාණය අලංකාර කර ගැනීම සඳහා භාග පබළු යොදා ගනිමින් හෝ තමන් කැමැති පරිදි අලංකාර කරගන්න. මෙය ඉතාමත් ලස්සන අඩු වියදමකින් පහසුවෙන් කළ හැකි පරිසර හිතකාමී නිර්මාණයකි. එසේම මෙය කුඩා දරුවන්ගේ කුසලතා සංවර්ධනය දියුණු කිරීමටද ඉතා යෝග්‍ය නිර්මාණයකි.

 

උපදෙස් - මහරගම ප්‍රා. ලේකම් කාර්යාලයේ බාහිර උපදේශිකා, ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී

චූලනී ජයසිංහ

(Tharunie)