Monday, September 15, 2025
Follow Us
ඩෙවල්ඩ් චිකන් - Devilled Chicken

අවශ්‍ය ද්‍රව්‍ය

කුකුළු මස් ග්‍රෑම් 600ක්

ග්‍රීන් පෙපර් ග්‍රෑම් 50ක්

රෙඩ් පෙපර් ග්‍රෑම් 50ක්

පොඩියට කපාගත් සුදු ලූනු තේ හැඳි 2ක්

පොඩියට කපාගත් අමු ඉඟුරු තේ හැන්දක්

පොඩියට කපාගත් ලූනු ග්‍රෑම් 30ක්

හතරට පළාගත් ලොකු ලූනු ග්‍රෑම් 75ක්

තීරු කපාගත් තක්කාලි ග්‍රෑම් 50ක්

තක්කාලි සෝස් මේස හැඳි 3ක්

කෑලි මිරිස් මේස හැන්දක්

තෙල් මේස හැඳි 2ක්

කැබලි ගම්මිරිස් තේ හැන්දක්

ලුණු රස අනුව

සාදන ක්‍රමය

කුකුළු මස් හතරට කපා ලුණු, ගම්මිරිස් යොදා විනාඩි 15ක් පමණ සීසන් කරගන්න. ග්‍රීන් පෙපර්, රෙඩ් පෙපර් හතරට කපා, ඉන්පසු ත්‍රිකෝණ හැඩයට කපන්න. මේවා වෙනුවට මාලුමිරිස් භාවිත කළ හැකියි. භාජනයක් ළිප තබා තෙල් මේස හැඳි 2ක් දමා රත්කර පොඩියට කපාගත් ලූනු තරමක් බැදෙන විට අමු ඉඟුරු, සුදු ලූනු, කැබැලි, මිරිස් දමා කුකුළු මස් එක්කර මඳ ගින්දරේ බැදෙන්න හරින්න. ඉන්පසු එයට කපාගත් ලූනු, තක්කාලි සෝස් දමා තත්ත්පර 30කට පසු ග්‍රීන් පෙපර්, රෙඩ් පෙපර් සහ ලුණු, ගම්මිරිස් දමා තරමක් හින්දවාගෙන එයට තක්කාලි එකතු කරන්න.

Tharune