Wednesday, February 04, 2026
Follow Us
අසමෝදගම් කොළ සම්බෝලය

අවශ්‍ය ද්‍රව්‍ය:-

අසමෝදගම් කොළ මිටියක්

රතුලූනු ගෙඩි කිහිපයක්

උම්බලකඩ ටිකක්

අමුමිරිස් කරල් 2-3ක්

ගා ගත් පොල් ටිකක්

ලුණු (රස අනුව)

දෙහි ගෙඩියක යුෂ

සාදන ක්‍රමය:-

01. අසමෝදගම් කොළ සෝදා වතුර බේරෙන්නට හැර සිහින්ව ලියාගන්න.

02. ලූනු, අමුමිරිස් සිහින්ව ලියා බඳුනකට දමන්න.

03. එම බඳුනටම ගාගත් පොල් උම්බලකඩ ලුණු හා දෙහි යුෂ එක්කර හොඳින් මිශ්‍ර කරන්න.

04. දැන් මෙම මිශ්‍රණයට සිහින්ව ලියාගත් අසමෝදගම් කොළ එක්කර කලවම් කරගෙන කෑම මේසෙට යවන්න

Tharunie