Wednesday, February 04, 2026
Follow Us
වම්බටු ඩෙවල්
අවශ්ය ද්රව්
දිගටි වම්බටු කරල් 2
ළූණු ගෙඩියක්
තක්කාලි ගෙඩියක්
අමුමිරිස් කරල් කිහිපයක්
බිත්තර 1
තෙල් ටිකක්
සෝයා සෝස් මේස හැඳි 2
තක්කාලි සෝස් ටිකක්
කෑලි මිරිස්
ඉඟුරු සුදුළූණු පේස්ට්
සීනි තේ හැඳි 2
පොඩියට කපාගත් කැරට් ටිකක්
ලුණු කුඩු ටිකක්
 
වම්බටු තරමක් ඝණකමට පෙති කපා ගන්න. බිත්තරයට ලුණු ටිකක් දාලා හොඳින් ගසා ගන්න. වම්බටු පෙති බිත්තර වල දවටා ගැඹුරු තෙලේ බැදගන්න.
භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා ඉඟුරු සුදුළූණු පේස්ට් එක දාන්න. දැන් ඒකට සෝයා සෝස්, තක්කාලි සෝස්, සීනි හා ලුණු කුඩු එක් කරන්න. අවසානයේ කැරට්, ලුණු, තක්කාලි, අමුමිරිස් හා බටු එක් කර කෑලි මිරිස් ටිකක් එක් කර කලවම් කර ලිපෙන් බාගන්න.